දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
මේ අතර දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
අද(02) යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.
උතුරේ කාන්තාවන් දැඩිදුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දක්වා තිබේ.
මේ අතර ජනාධිපතිවරයා තම පක්ෂය දියුණු කිරීමට පමණක් කටයුතු කරන බවත් උතුරේ වැසියන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදුනොකරන බවද අමාත්‍යවරිය පෙන්වාදෙයි.
මෙම සිද්ධිත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්‍යයේ සිතියමක්ද ප්‍රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...