Uncategorized

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය

ඒ වෙනුවෙන් ප‍්‍රායෝගිත දේශපාලන වැඩසටහනක් සැකසීමට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්, මෙම සතියේදී ඔහු කාර්යාලයට පැමිණීමට නියමිත බවත් මහාචාර්යවරයා කීය.

ජී එල් පීරිස් මහතා මෙසේද කීය.

‘ගෝඨාභය රාජපජෂ මහතාට දැන් දේශපාලනයට පැමිණීමට කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු දැනටමත් යම් යම් ක‍්‍රියාවන් සිදුකරනවා. නමුත් ප‍්‍රායෝගික දේශපාලන වැඩ සටහනක් සකසන්න මෙම කාර්යාලයට පැමිණෙන ලෙසට අපි ඔහුට ආරාධනා කළා. එය ඔහුට ඉතාම වැදගත් දෙයක් වේවි. මෙම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ අය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ද සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජපක්‍ෂ පවුල හා ඒකාබද්ධ විපක්‍ෂයේද කිසිම ප‍්‍රශ්නයක් නැතිබව එදාට දැකගන්න පුළුවන් වේවි . යැයිද කීය.


.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More