මුදල් මණ්ඩල සාමාජිකයින් වන ජනාධිපති නීතීඥ ආචාර්ය සංජීව ජයවර්ධන හා ආචාර්ය රාණී ජයමහට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහාධිකරණ විනිසුරුතුමන් වන බුවනක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, L.T.B දෙහිදෙනිය යන මහත්වරුන් සහ මහාධිකරණ විනිසුරු වන මුර්දු N .B ෆර්නෑන්ඩු මහත්මිය ඇතුලු පංච පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත්කර තිබේ.
එම පංච පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල SC FR 195/2022 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ඉඩ ලබාදෙමින් දුන් නියෝගයේ එක් කොන්දේසියක් ලෙස මුදල් මණ්ඩලයේ වර්තමාන සාමාජිකයින් ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ ආචාර්ය සංජීව ජයවර්ධන හා ආචාර්ය රාණී ජයමහ යන අය 32B සහ 32C යන වගඋත්තරකරුවන් ලෙස නම්කරන මෙන් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබේ.
මෙම SC FR 195/2022 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, සූසඉඅප්පු නේවිස් මොරායස් සහ ආචාර්ය මහිම් මෙන්ඩිස් යන අය වන අතර එම පෙත්සම මගින් ඔවුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, අදාල කාලය තුළ හිටපු මුදල් ඇමතිවරුන්, හිටපු ජනාධිපති ලේකම්, හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හිටපු මහ බැංකුවේ අධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු 39 දෙනෙකු මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත.
”2022.05.25 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්වීමේදී ආචාර්ය සංජිව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ යන අය විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට සම්බන්ධ සියලු ලේඛන ඉදිරිපත් කරන ලෙස 28 වන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත නියම කරනු ලබයි. විශේෂයෙන්ම,
a) ජනරජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන සහ/හෝ වෙනත් මුල්‍ය සහය ලබා ගත යුතු බවට කරන ලද යෝජනාව
b) ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතිකය කෘතිමව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හෝ ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203/- හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධව ඇති විරුද්ධව වීම සහ/ හෝ ප්‍රකාශිත වෙනත් එකග නොවීම්.
එකී ලේඛන 2022 නොවැම්බර් මස 30 වන දිනට පෙර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම නියෝගයේ සඳහන්ව ඇත.
ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණී ජයමහ මැයි මස 25 වන දින (COP) කමිටුවේ කරන ලද ප්‍රකාශ සමහර පෙත්සම්කරුවන්ට විරුද්ධව සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබූ අතර එම වග උත්තරකරුවන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණී ජයමහ (COP) කමිටුවේ කරන ලද ප්‍රකාශ සාවද්‍ය බවට සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.
මහ බැංකුව මෑතකදී නිකුත් කරන ලද ලේඛනයක් අනුව මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙස මහ බැංකුව වෙතින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයන් දෙදෙනා ලෙස සඳහන්ව තිබුනේ රුපියල් 3,225,000 – (තිස් දෙලක්ෂ විසි පන්දහසක්) ලබාගත් ආචාර්ය රාණී ජයමහ හා රුපියල් 2,725,000 (විසිහත් ලක්ෂ විසි පන්දහසක්) ලබාගත් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන යන දෙදෙනාය.
(ද ලීඩර් පුවත් වෙබ් අඩවිවියෙන් උපුටා ගැනිණි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...