දේශීය පුවත්

පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එජාපයේ ප්‍රබලයෙකු වන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසා ඇමැති දුමින්ද දිසානායක මහතාට කෙන්ති ගොස් තිබිණි.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සතු මිලියන 5000ක මුදලක් ආපදාවට ලක්වූවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට අනුමැතිය ඉල්ලා වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට විරෝධය පළ කරමිනි.

එම කැබිනට් පත්‍රිකාව දැකීමෙන් පසු ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා එම අවස්ථාවේදීම ප්‍රකාශ කර ඇත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් කළ යුතු වැඩ වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් මොකටද? යන්නයි.

ආපදාවට ලක්වූවන්ට ආධාර ලබාදීම වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් තමා තව දුරටත් මේ ඇමැතිධුරයේ රැඳී සිටීමේ තේරුමක් නැතයිද ඇමැති දුමින්ද දිසානායක මහතා එහිදී සඳහන් කර තිබේ.

ආපදා කළමනාකරණ ඇමැති ලෙස තමා සිටින්නේ ආපදාවකදී බැණුම් ඇසීමටත් ගංවතුර ආධාර බෙදීමටත් පමණක්දැයිද කැබිනට් රැස්වීමේදී ඇමැති දිසානායක මහතා දැඩිව ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More