වීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වි ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති ඔහු වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කලාදිවිය ආරම්භ කර තිබේ.
“සුජාගේ රහස” චිත්‍රපටයෙන් රංගනයට පිවිසි රෝයි ද සිල්වා මහතා 1977 වසරේදී හාස්‍ය උත්පාදක චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබිණි.
ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වුයේ 2015 වසරේ දී තිරගත වූ “මයි නේමිස් බන්දු” චිත්‍රපටය යි.
2011 දී තිරගත වූ “ඉට්ස් මැටර් ඔෆ් ලව්” චිත්‍රටය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය යි.
අවස්ථා කිහිපයකදී ඔහු ගායකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
දශක පහකට අධික කාලයක් මෙරට සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...