නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී අද ප්‍රතිචාර දක්වා තිබේ.
හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙළා කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්.
එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහයදීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය පවසා තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ මෙම පුවත සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව චීන තානාපති කාර්යායේ අවධානය යොමුව ඇති බවයි.
කෙසේ වෙතත් චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එහි සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...