ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුදැයි තවත් ප‍්‍රමාද නොකර නම් කරන්නැයි හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වේලාසන ප‍්‍රකාශ කිරරීමන් ඔහු ආණ්ඩුවේ මර්දනයට ලක්වීමේ අවදානමක් ඇතැයි පවසමින් එය ප්‍රමාද කිරීමෙන් එම අවදානම පහව යන්නේ නැතැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුව විසින් කඩිමුඩියේ විශේෂ අධිකරණ පිහිටුවීමෙන් සූදානම් වන්නේ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා කොටු කිරීමට නිසා ඊට කලින් ජනාධිපති අපේක්ෂකයා නම් කල යුතු බවද මන්ත‍්‍රී වීරවංශ පෙන්වා දෙයි.
ජනාධිපති අපේක්‍ෂකයා දැන්ම නම් කිරීමෙන් ආණ්ඩුව විසින් මර්දනය ඔහු මතට ගෙන ඒමට කටයුතු කලහොත් එසේ කරන්නේ ජනාධිපති අපේකෂකයකු ලෙස නම් කර ඇති පුද්ගලයෙකුට නිසා එය සමාජයේ ප්‍රබල කතිකාවක් බවට පත්වනු ඇතැයිස පවසන විමල් වීරවංශ මහතා එසේ නොකලහොත් දඩයමට ලක්වන්නේ ජනාධිපති අපේක්ෂකයකු නොව සාමාන්‍ය පුරවැසියකු ලෙසින් යයිද පෙන්වා දෙයි.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා වේලාසන නම් කල පසු ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සන්ධානයේ සියලු බලවේග ඔහු වටා ගොඩනැඟෙන බවත් එමේ නොකිරීමෙන් සිදුවන්නේ විවිධ නම් ඉදිරපත් කරමින් මෙම බලවේගවන්හි බෙදීම් ඇති වීම බවද පවසන මන්ත‍්‍රීවරයා මේ සියල්ලටම හොදම විසදුම ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින්ම නම් කිරීම බවද වැඩි දුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...