මැතිවරණය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්ති පළකර ඇත්තේ තම දේශපාලන එදිරිවාදීන් විසින් තමාට මඩ ගැසීමේ අරමුණෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (29 වැනිදා) පැවසීය.
රජය බලයට පත්වූ දා පටන් රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීම පමණක් සිදුකරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාව මේ බව හොඳින් දන්නා බවද කියා සිටියේය.
කෙසේ වෙතත් රාජපක්‌ෂ පවුලට පමණක් නොව ගෝඨාභයගේ නමට පවා රජය බියට පත්වී සිටින බවද මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ආණ්‌ඩුවේ ලොකු උදවිය වගේම හාල්මැස්‌සෝ වගේ උදවියත් දැන් අපිට අභියෝග කරනවා. ඔය සෑම අභියෝගයකටම මැතිවරණයකදී මේ රටේ ජනතාව නිසි ආකාරයටම පිළිතුරු දේවි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...