දේශීය පුවත්

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දදායකයින් ජනාධිපතිවරයාගේ ජනමත විචාරණයක් ලෙස සලකන්නේ නම් ඩිමොක්‍රටිකයින්ට කොන්ග්‍රසයේ පාලනය අහිමි වනු ඇති බවට අනතුරු ඇඟවීමක් කළාය.

“මම හිතන්නේ, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් මැතිවරණයේදී අමෙරිකානු ඡන්දදායකයා වඩාත්ම අන්තවාදියා කවුද යන්න සම්බන්ධයෙන් සිතන්නේ නම් , එවිට ඔවුන් මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති,”පාස්කි පෙරේදා (25) NBC ප්‍රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “නමුත් මහ මැතිවරණය ජනාධිපතිවරයා පිළිබඳ ජනමත විචාරණයක් ලෙස අමෙරිකානු ඡන්දදායකයා සලකන්නේ නම්, ඩිමොක්‍රටික් පක්ෂය පරදිනු ඇත. එය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හොඳාකාරවම දන්නවා.”

MSNBC ආයතනයේ රැකියාවක් සඳහා පසුගිය මැයි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය පසකි, ජනාධිපති ජෝ බයිඩන්ගේ පළමු මාස ​​16 නිල කාලය තුළ මාධ්‍ය ලේකම් ලෙස බයිඩෙන් ගේ ප්‍රධාන ආරක්ෂකයා විය. කෙසේ වෙතත්,ගැලුප් ආයතනය විසින් කරන ලද මත විමසුමට අනුව, ජනාධිපති ජෝ බයිඩන් යනු දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු වඩාත්ම බලාපොරොත්තු සුන් වූ එක්සත් ජනපද ජනාධිපති ලෙස ශ්‍රේණිගත වේ. අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැරී එස් ටෲමන් 1945 දී ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ගේ අඩුව පිරවීමට උත්සාහ කිරීමෙන් පසු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ විශාලතම පහත වැටීමට ලක් විය.එහෙත් නවතම ඒ බී සී ප්‍රවෘත්ටි සේවය සහ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය එක්ව කළ ජනමත සමීක්ෂණයේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ තත්වය 39% සීමාවේ වන බවට තහවුරු විය.
මේ අතර සැප්තැම්බර් මාසයේදී කරන ලද මත විමසුමකින් පෙන්නුම් කළේ, රිපබ්ලිකානුවන් අතට පත් විය හැකි ප්‍රශ්න වන ප්‍රචණ්ඩ අපරාධ, උද්ධමනය සහ නීති විරෝධී සංක්‍රමණ වැනි මාතෘකා ගැන ඡන්දදායකයින් වඩාත් සැලකිලිමත් වන බවයි.
“නැගී එන අපරාධ රැල්ල ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට විශාල අවදානමක් බව ඔවුන් දන්නවා. මැතිවරණ ළං වන විට පසුබෑමකට ලක්වන ආර්ථිකය “සියල්ල මත එල්ලී ඇති” අතර, පෙන්සිල්වේනියාව වැනි ප්‍රාන්තවල අපරාධ උණුසුම් ප්‍රශ්නයක් වීම වැලැක්වීමට බැහැ.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More