දේශීය පුවත්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පළමුව ජපානය සමග සාකච්ඡා ආරම්භකරන බවත් ඊට අවශ්‍ය පසුබිම තම ජපාන සංචාරය තුළ දී සිදුකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය ස්ට්රා ට්නිවුස් ග්ලෝබල්(StratNews Global) නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, චීනය සමග සාකච්ඡා චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයට පෙර හෝ පසුව සිදුවනු ඇතැයි සඳහන් කරන ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ණය ගෙවීම පැහැරහැරීමට සිදුවීම නිසා බව ද පවසයි.

චීන පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා ගමන පිළිබඳව මෙහිදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර දීම දුෂ්කර තීරණයක් වූ බවයි. එම තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටිය දී ගත් තීරණයක් බවත් එය ආපසු හැරවීමට කිසිඳු සාධාරණ හේතුවක් සොයාගැනීමට රජය අවස්ථාවක් නොතිබූ බවත් සඳහන් කරයි.

මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කරද්දී ශ්‍රී ලංකා රජය නෞකාවේ ගමන කල් දැමීමට කටයුතු කළ බවත්, එම තීරණයට චීනය දැඩි අප්‍රසාදය පළ කළ බවත් සඳහන් කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට එමගින් සිදුවූයේ ආසියාවේ බලවතුන් දෙදෙනෙකුට මැදිව පහර කෑමට බවත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More