දේශීය පුවත්

යුක්‍රේන ජනාධිපති වැලැඩිමිර් සෙලෙන්ස්කි මහතා, යුරෝපා සංගමයේ නායකයන් මෙන්ම රුසියානු නායකයාගේ න්‍යෂ්ටික අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස ගත යුතු බව පවසයි.

යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ඊයේ(26 ) සීබීඑස් ප්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට න්‍යෂ්ටික අවි භාවිතා කළ හැකි බව තමා විශ්වාස කරන බවයි. රුසියානු භූමිය ආරක්ෂා කිරීම සඳහා රුසියාව “අපට ඇති සියලු මාර්ග” භාවිතා කරන බව පසුගියදා රුසියානු ජනාධිපති වැලැඩිමිර් පුටින් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

“විවිධ විනාශකාරී ආයුධවලින්” රුසියාව තම භූමිය ආරක්ෂා කර ගැනීම ගැන සලකා බලනු ඇති බවට අනතුරු අඟවමින් තමා “බොරු නොකරන බව” රුසියානු ජනාධිපතිවරයා පසුගිය 22 වනදා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළ භූමියට ඉතා නුදුරේදීම ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව මෙන්ම රුසියානු සමූහාණ්ඩුවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් දැනට ජනමත විචාරණ පැවැත්වෙන  කෙර්සන් කලාපය සහ අසල්වැසි සපොරොශි  ප්‍රදේශද ඇතුළත් වීමට නියමිතය.

මේ අතර “ඕනෑම න්‍යෂ්ටික අවි භාවිතයක් රුසියාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති” බව වොෂින්ටනය මොස්කව් වෙත පවසා ඇති බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඊයේ සී බී එස් පුවත් සේවය වෙත පැවසීය.

රුසියාව තවත් භටයන් 300,000 ක් පමණ බලමුලු ගැන්වීම සහ නුදුරු අනාගතයේ දී රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂාව යටතේ නව භූමි ප්‍රදේශ හතරක් වැටීමේ සම්භාවිතාව තිබියදීත්, පුටින් “ඔහු යුද්ධයෙන් පරාජය වන බව දන්නා” බව සෙලෙන්ස්කි අවධාරණය කළේය. එසේ වුවද, යුක්රේන ජනාධිපතිවරයා සීබීඑස් පුවත් සේවය වෙත පැවසුවේ සටන දිගටම කරගෙන යාමට තම රජයට තවත් ඩොලර් බිලියන ගණනක්, තවත් ආයුධ සහ රුසියාවට තවත් සම්බාධක පැනවීම අවශ්‍යය බවයි.

“අපි ඔහුට දිගින් දිගටම පීඩනය යෙදිය යුතු අතර ඔහුට දිගටම යාමට ඉඩ නොදිය යුතුයි,” ඔහු පුටින් ගැන සඳහන් කරමින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More