දේශීය පුවත්

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍යය ඒකකය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදෙස් සංචාරයේදී ජනාධිපතිවරයාගේ විෂය පථය යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ මෙහෙයුම් අධීක්‍ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කරන බව ජනාධිපති මාධ්‍යය ඒකකය ප්‍රකාශ කළේය.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර, වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පත් කර තිබෙනවා. වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස වැඩබලන තාක්ෂණ අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පත් කර තිබේ.

සිය දෙදින නිල සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අතර, ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතයි.

පිලිපීන සංචාරයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා පිලිපීනයේ ජනාධිපති බොන්ග්බොන්ග් මාකෝස් සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකව මහතා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

සැප්තැම්බර් 30 වැනිදා සිය නිල සංචාරය නිමකර ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More