දේශීය පුවත්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යය ජී.එල් පිරිස් මහතා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ(25) පවත්වා තිබේ.

ඒ මහාචාර්යය ජී.එල් පිරිස් මහතාගේ නිවසේදී ය.

වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර සිටියේය.

“මේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කරා. මම ආවා. ඉතින් දීර්ඝ ලෙස කතා කළා. දැනට මේ කතා කළේ ජී.එල් පීරිස් මහතා සමග පමණයි. අනිත් අය එක්කත් සාකච්ඡා කරනවා. එක කුඩයක් යටතේ අපි ඔක්කෝම එක තැනකට එන්න.

අද සාකච්ඡා කළේ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපතියි පොදුජන එක්සත් පෙරමුණේ සභාපති එක්ක. වරදක් නෑනේ. අපි දෙගොල්ලෝම එක කණ්ඩායමේ නේ. දැන් මම නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට, මට තනියම යන්න බෑනේ. අනෙක් අයගෙත් සහයෝගය අවශ්‍යයි. චන්ද්‍රිකා මැතිනියත් මට හුඟාක් උපදෙස් දෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More