දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩලයට අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමෙන් වැළකී සිටින්නැයි බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කිතලගම හේමසාර හිමියෝ පවසති.

මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ශ්‍රී චන්ද්‍ර ජෝති විහාරස්ථානයේ 50 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගී වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට හේමසාර හිමියෝ මේ බව කියා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“දැන් රට යම් යම් ප්‍රශ්නවලට මුහුණ පා තිබෙන අවස්ථාවක මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලන්නට කැමතියි පරිනත දේශපාලනඥයෙක් විදියට කරුණාකරලා ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්න මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. තමුන්නාන්සේලා හෝ නැතිනම් විරුද්ධ පක්ෂය සමග අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා කියන්න. ඒ කියන්නේ පිඳුරු ගොඩකට ගිනි තියන්න එපා කියන්න.

ඒ වගේ දෙයක් තමා පහුගිය දවසක සිද්ධ වුණේ. ලයිට් බිල එවන්න කිව්වා ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ටයි, කාදිනල් හිමිටයි. අනවශ්‍ය කතාවක් නේ. දැන් මේ ලයිට් බිල් නිසා අපි ගිනි අරන් තියෙන වේලාවක්. ගිය මාසේ මගේ රු 7,000යි මේ මාසේ රු 41,000යි. මම කොහොම ද ගෙවන්නේ. ගෙවන්න බෑ. ගෙවන්න පුළුවන්කමක් නෑ. මං හිතනවා රජය යම්කිසි සහන වැඩපිළිවෙලක් අපිට සලසයි කියලා. ලොකු තැන්වල ලයිට් බිල් රජයෙන් ගෙවනවා. ඒ නිසා අපිට ගැටලු තියෙනවා. ඒ පිළිබඳ කල්පනා කරලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔය පණ්ඩිත කතා කියන්න එපා කියන්න ඇමති මණ්ඩලයට.”

විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More