පුරවැසි බලය සංවිධාන අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදි මාධ්‍යෙවේදිනියක් කළ ප්‍රශ්න කිරිම් හමුවේ එම සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා සමඟ උණුසුම් සංවාධයන් ඇති විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමක් හරහා මුදල් වංචා සිදු කර ඇති බවට නිව්යොක් ටයිම්ස් පුවත් පත පල කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදාල මාධ්‍යෙවේදිනිය කළ ප්‍රශ්ණ කිරිම්වලදි එම උණූසුම් තත්ත්වය හට ගෙන ඇත.
මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කළේ ‘නිවුයෝක් ටයිම්ස්’ වාර්තාව හැරුණු කොට අදාල චෝදනා සනාථ කළ හැකි වෙනත් කිනම් හෝ ලියවිල්ලක් සතුව තිබේද යන්නයි.
ඒ ආකාරයේ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කරගත නොහැකි වීමත් සමගින් දෙපාර්ශවය අතර විවාදාත්මක තත්වයක් ඇති විය.
මාධ්‍ය හමුවෙන් අනතුරුව ද අදාල මාධ්‍යවෙදිනිය සහ ගාමිණි වියංගොඩ මහතා අතර උණුසුම් සංවාධයක් ද ඇති විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...