රුසියානු එරොෆ්ලොට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යළිත් ශ්‍රී ලංකාවේ ගුවන් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
ඒ රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙසය.
එරොෆ්ලොට් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම නැවත ආරම්භ කරන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එම ගුවන්යානා ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට අදාළ ආයතන මගින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවට වන කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...