දේශීය පුවත්

නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“තව්තිසාවේ” ඇත්ත තත්ත්වය මෙය බවත්, නෙළුම් කුළුණෙන් දිනකට රුපියල් මිලියන තුනක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බවත් සඳහන් කරන ඔහු, නෙළුම් කුලුන ඉදිකිරීමට ඩොලර් මිලියන 104ක් වැය වී තිබෙන බව ද සඳහන් කරයි.

ඉඩමේ සිටි දුගී පැල්පත්වාසීන්ට ගෙවල් දෙන්න එක පවුලට මිලියන 4.5 ගානේ වැය වූ බවත්, කුළුණේ පොළිය, රක්ෂණ ගාස්තු සහ අනෙක් වියදම් එකතු කළ විට තවත් ඩොලර් මිලියන 56ක් ඊළඟ අවුරුදු පහේ දී ගෙවිය යුතුත් බවත් ඔහු පවසයි.

පිටතින් ලස්සනට පෙනෙන මෙවැනි ව්‍යාපෘතිවල පසුපස මහා කරුම කතාවක් සැඟවී තිබේ යැයි පවසන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට උරුම වී ඇති බංකොලොත්භාවය ද එම කරුම කතාවේ සැඟවී ඇතැයි සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More