දේශීය පුවත්

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය බැංකු දෙකෙන් අවශ්‍ය අරමුදල් සපයා නොදීම නිසා, වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම නවතා දමා ඇති බවත්, මේ තත්වය තුළ ගොවියා ශක්තිමත් කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මේ අතර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසන්නේ, වී මිලදී ගැනීම සඳහා මණ්ඩලයට රුපියල් කෝටි දෙසීයක් ලබාදෙන්නැයි රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීමක් කර ඇතත්, සත පහක්වත් මේ වන තෙක් ලැබී නැති බවයි.

මේ සඳහා වහාම මැදිහත්වන්නැයි ඔහු මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ දැනටමත් සති දෙක තුනක්ම ප්‍රමාද වී ඇති බැවින්, වහාම ඒ සඳහා මුදල් ලබා දීමට මැදිහත්වන්නැයි ඇමතිවරයා මෙහදී ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More