දේශීය පුවත්

මේ දිනවල ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ 51වැනි සැසියේ දී රණවිරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා කටයුතු කළේය.

එහිදී ඒ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ සහ පක්ෂග්‍රාහී යුද අපරාධ චෝදනා එල්ල කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් යසස් ධර්මදාස මහතා “2015 බලයේ සිටි හිටපු ආණ්ඩුව සනාථ නොකළ පක්ෂග්‍රාහී යුද අපරාධ චෝදනා මත පනවා ඇති නිර්දේශ පිළිපැදීමට එකඟ වුනා. 2020 වර්ෂයේදී බලයට පත් ආණ්ඩුව මානව හිමිකම් සමුළුව එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළද එම චෝදනාවලින් ගැලවීමට අනුගමනය කළ යුතු මාර්ගය අනුගමනය කළේ නැහැ.ඒ අනුව සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්තට පටහැනි වැරදි නිර්දේශ පිළිගැනීමට ශ්‍රී ලංකාවට බල කිරීම වෙනුවට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාභාවික යුක්තිය මෙම සභාවෙන් ඉල්ලා සිටින ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස මෙම යහපත් සභාවට අප යෝජනා කරනවා.” යනුවෙන් පැවසුවේය.


‍යසස් ධර්මදාස මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී කළ සම්පූර්ණ කතාව

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1.1 වගන්තියට අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ සහ මූලධර්ම වන්නේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමයි.

තවද එම ප්‍රඥප්තියේ 1.4 වගන්තියේ සඳහන් වන්නේ “සියලුම සාමාජිකයින් ඕනෑම රාජ්‍යයක් සමඟ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේදී එම රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව තර්ජනය හෝ බලය භාවිතා කිරීම නොකළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ මහා සභාව නමින් හැඳින්වෙන අනුබද්ධ ආයතන යටතට එන උප අනුබද්ධ ආයතනයක් බැවින්, එවැනි උප අනුබද්ධ ආයතනයකට පැවරී ඇති බලය අනුබද්ධ ආයතනයට පැවරී ඇති බලය නොඉක්මවිය යුතුයි.

නමුත්, එවැනි උප අනුබද්ධිත ආයතනයක් හැසිරෙන ආකාරය බලන්න. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ස්වාධීනත්වය මුළුමනින්ම උල්ලංඝනය කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව අනතුරේ හෙළීමට හේතු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම සම්බන්ධ අභ්‍යන්තර කටයුතු උල්ලංඝනය කර ඇති අතර එය එක්සත් ජාතීන්ගේ අරමුණ සහ මූලධර්මවලට පටහැනි වන අතර එය 46/1 යෝජනාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ සහ පක්ෂග්‍රාහී යුද අපරාධ චෝදනා භාවිතා කර මින් සිටිනවා.

2015 බලයේ සිටි හිටපු ආණ්ඩුව සනාථ නොකළ පක්ෂග්‍රාහී යුද අපරාධ චෝදනා මත පනවා ඇති නිර්දේශ පිළිපැදීමට එකඟ වුනා. 2020 වර්ෂයේදී බලයට පත් ආණ්ඩුව මානව හිමිකම් සමුළුව එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළද එම චෝදනාවලින් ගැලවීමට අනුගමනය කළ යුතු මාර්ගය අනුගමනය කළේ නැහැ.ඒ අනුව සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්තට පටහැනි වැරදි නිර්දේශ පිළිගැනීමට ශ්‍රී ලංකාවට බල කිරීම වෙනුවට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාභාවික යුක්තිය මෙම සභාවෙන් ඉල්ලා සිටින ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස මෙම යහපත් සභාවට අප යෝජනා කරනවා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More