දේශීය පුවත්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුවෙන් (WB) ඖෂධ මිල දී ගැනීම සඳහා ඉකුත් වසරේ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලින් මේ වනතුරු කිසිදු මිල දී ගැනීමක් කර නොමැති බව මාධ්‍ය ආයතන කිහිපයක් හෙළිදරව් කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ද සඳහන් කරන්නේ ලැබුණු මුදල් මුළුමනින්ම වැයකර නොමැති බවකි.

එසේ ඉන්දියානු ණය ආධාර යෝජනාක්‍රමය යටතේ  ඖෂධ මිලදී ගැනීම සඳහා ලැබුණු මුදල් ද මුළුමනින් ම වැය කර නොමැති අතර, එයින් ඩොලර් මිලියන 50ක් පමණ ඖෂධ මිල දී ගැනීම සඳහා ණයක් වශයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති අතර ඔවුන් එම මුදල්වලින් ඖෂධ ගෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් හරිහැටි කරුණු දැක්වීමක් සිදුකර නොමැති අතර, අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීහු සඳහන් කරන්නේ, ඉන්දියානු ණය ආධාරවලින් ඖෂධ මිල දී ගැනීම සඳහා ලබාදුන් අමෙරිකානු ඩොලර් 200න් තවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 30ක් පමණක් බව ය.

පෞද්ගලික අංශයට හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට ණය මුදලක් ලබා දුන් බව ද, ඉන් ඖෂධ මිල දී ගත් බව ද, ඉතිරි මුදලිනුත් වසර අවසන් වීමට ප්‍රථම ඖෂධ ගෙන්වන බව ද ඔවුහු පවසති.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල ඖෂධ හිඟයෙන් රෝගීන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති පසුබිමක ඖෂධ මිල දී ගැනීම සඳහා ලැබුණු මුදල් වැයකර ඖෂධ මිලදීගැනීම සිදු නොකර සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් මෙතෙක් නිදාසිටියා දැයි ජනතාව නගන ප්‍රශ්නයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More