දේශීය පුවත්

රජය විසින් ලබාදුන් ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු බවට ප්‍රථමවරට මාධ්‍යට අනාවරණ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාව අද (23) සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ වැටලීම් ඒකකයට කැඳවා තිබුණි.

ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුව තිබූ අතර විමර්ශනයට අදාළ කරුණු දැක්වීමෙන් පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

“විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා මේක තුළ යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් මහජනතාවට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. යම් නිලධාරියෙක්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හානියක් සිදුවෙලා තියෙනවා නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා විශ්වාස කරනවා. ඒ වගේම දිගින් දිගටම මාව නිහඬකරවීම හෝ මාව පීඩාවට පත් කරලා, මේ ප්‍රශ්නයෙන් මාව ඉවත් කරලා,‍් මේ ගැන විමර්ශන නොකර ඉන්න උත්සාහ කරනවා නම් ඊට අදාළවත් අපි ක්‍රියාමාර්ග ගන්නවා.

ඉතාම පැහැදිලිව වාර්තා 8ක් පදනම් කරගෙන තමයි මම ඒ ප්‍රකාශය නිකුත් කළේ. එම වාර්තාවල තියෙන කරුණු සනාථ කරන්න ඒ හා සමානවම ක්ෂේත්‍රෙය් අනෙකුත් ප්‍රදේශවලට ත්‍රිපෝෂ බෙදාහැරීම සහ ඒවා නොසැලකිලිමත් ලෙස බදාහැරීම ගැන කරුණු සනාථ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ත්‍රිපෝෂ සමාගමෙන් මව්වරුන්ට බෙදාහැරීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ලබාදුන් ත්‍රිපෝෂවලින් තමයි මේ සාම්පල අපි යොදා ගත්තේ. එතකොට එයාලා කර්මාන්ත ශාලාවෙන් නිකුත් කළ ඒවාගෙන් තමයි අපි සාම්පල ගත්තේ. ඒ නිසා එම සභාපතිවරයාට එසේ කීමට අයිතියක් නෑ සහ ඒක සත්‍යයක් නෙමේ කියන එක ඉතාම පැහැදිලියි.

අපි තාම සාම්පල් අරගෙන තියෙන්නේ 8ක. කළුතරට ගියපු ප්‍රමාණයෙන් ත්‍රිපෝෂ කොට්ට 150කට ආසාන ප්‍රමාණයක් තමයි එතන රඳවා තිබිලා තියෙන්නේ. ත්‍රිපෝෂ කොට්ට 150කට වඩා වැඩි ප්‍රමාණයක් එක තොගයකට නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඉතිරි ත්‍රිපෝෂ ලංකාවේ කුමණ ප්‍රදේශවල බෙදුවද කියලා අපි පරීක්ෂණ කරමින් සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More