ව්‍යාපාරික පුවත්

රජය ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය විසින් මහජනතාවගේ මුදල් අවිධිමත් ලෙස පරිහරණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා (28) මුදල් අමාත්‍යංශය වෙත පැමිණ සිටියේය. එම අවස්ථාවේ මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් මෙම තත්ත්වය තවත් වර්ධන විය හැකි බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

වත්මන් ආණ්ඩුව පාලනයට පැමිණි අවස්ථාවේදි ණය ගෙවිම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොතිබුණ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා කළ ප්‍රකාශ අසත්‍ය බවද මන්ත්‍රිවරයා පැවසීය. පසු ගිය ආණ්ඩු සමයේදි ණය වාරික ගෙවිමෙන් පසු ආදායමෙන් යම් මුදල් ප්‍රමාණයක් ඉදිරි වු බවදට මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More