දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ප්‍රතිචාර දක්වා තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ යෝජිත ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූලව නොගැලපීම් ඉවත් කිරීම සඳහා සංශෝධනය කරන බවයි.

ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අදාළ සංශෝධන පනත් කෙටුම්පතට තවත් වගන්ති කිහිපයක් එක් කිරීමෙන් එය සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පිළිගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More