ඒකාබද්ධ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජපක්ෂවරු ඔහුගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමු වී ඇති ගෝඨාභය රාජපක්ෂ චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන සහෝදරයන් එක්ව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු රාජපක්ෂ ගැන තීරණයක් ගෙන ඇතත් අවස්ථාව උදාවන තෙක් එය රහසක් ලෙස තබා ගැනීමට කථිකා කර ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව ලක්බිම බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ “ අපි හතරදෙනා එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි තීරණය ගැනීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන් බවයි. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ කෙනෙක්ද වෙනත් අයෙක්දැයි තීරණය කිරීමේ අයිතිය හිටපු ජනපතිට තිබෙන බව” බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
කෙසේ වුවද රාජපක්ෂවරුන්ගේ තීරණය පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට සූදානම් බවද අපට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ලක්බිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...