දේශීය පුවත්

රුසියානු හමුදා, රුසියාවේ දකුණු ප්‍රදේශයට යුක්‍රේන හමුදා එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ඊයේ(21) ප්‍රකාශ කළේය. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අනුව රුසියානු හමුදා විසින් මෑත සතිවල යුක්‍රේන හමුදාවලට දැවැන්ත හානි සිදු කර තිබේ.

“නිකොලෙව් සහ ක්‍රිවෝයි රොග් දෙසට ප්‍රහාරයක් දියත් කිරීමට යුක්රේන සන්නද්ධ හමුදාවන් දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරනු ලැබුවා” රුසියානු ආරක්ෂක අමාත්‍යයවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා, යුක්රේනයේ මෑත කාලීන හමුදා ගැටුම් වලින් සිදු වූ හානි පිළිබඳ හෙළිදරව් කරමින් , පසුගිය සති තුන ඇතුළත කියෙව් හමුදාවන්ට යුද ටැංකි 208 ක්, සන්නද්ධ සෙබළුන් ප්‍රවාහන වාහන 245 ක් සහ අනෙකුත් සන්නද්ධ හමුදා වාහන 186 ක් ද ඇතුළුව 7,000 කට වඩා වැඩි හමුදා සෙබළුන් ගණනක් අහිමි වී ඇති බව අනාවරණය කළේය. මීට අමතරව යුක්‍රේන හමුදාවට අයත් ගුවන් යානා 15ක් බිම හෙලීමට රුසියානු යුද සෙබලු සමත්ව ඇත.

අමාත්‍යවරයා, නිකුත් කළ නිවේදනයකට අනුව අර්ධ වශයෙන් රටපුරා බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස රුසියාව 300,000 රක්ෂිතයන් කැඳවන බවත්, කිලෝමීටර් 1,000 කට ආසන්න දිගකින් යුත් මොස්කව් සහ යුක්රේන දේශ සීමාව ආරක්ෂා කිරීමට අලුතින් පැමිණි හමුදා භාවිතා කරන බවත්ය.

අමාත්‍යවරයා යුක්රේනයේදී රුසියානු හමුදාවන්ට සිදු වූ සම්පූර්ණ පාඩුව හෙළිදරව් කළ අතර, රුසියානු සෙබළුන් 5,937 ක් මිය ගිය බව අනාවරණය කළේය. යුක්‍රේන හමුදා භටයින් 61,207 ක් ගැටුම් වලින් මිය ගිය ඇති බව අනාවරණය කළ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මියගිය යුක්‍රේන හමුදා සෙබළු ගණන මියගිය රුසියානු සෙබළු ගණන මෙන් දස ගුණයකින් වැඩි බවද අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More