දේශීය පුවත්

ඊයේ (20 ) උදෑසන රුසියානු ජනතාව ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාව අර්ධ මිලිටරි බලමුලු ගැන්වීමක් කරන බව නිවේදනය කළේය. යුක්රේනයේදී සහ ඩොන්බාස්හි දි දිග්ගැස්සුනු ගැටුමකට රුසියාව මුහුන දී සිටින බැවින්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදා සංචිතයන් සක්‍රීය සේවයට ඈඳ ගැනීමට නිර්දේශ කර ඇති බව රුසියානු ජනාධිපතිවරයා අනාවරණය කළේය.

මෙම පියවර සංවේදී මෙන්ම  අත්‍යඅවශ්‍ය වන බව ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ, අර්ධ බලමුළු ගැන්වීම වහාම ආරම්භ කිරීම සඳහා නියෝගයට තමා දැනටමත් අත්සන් කර ඇති බව අනාවරණය කරමිනි. ත්‍රිවිධ හමුදා සේවයට යොමු වන්නේ හමුදා සංචිතයේ සිටින රුසියානුවන් සහ ජාතික සේවය අවසන් කළ අය පමණක් බව ජනාධිපති පුටින් වැඩිදුරටත් පැවසීය. සක්‍රීය රාජකාරියේ යෙදී සිටින පුද්ගලයින්ට ලැබිය යුතු සියලුම ප්‍රතිලාභ සමඟ ඔවුන්ට අමතර පුහුණුවක් ලබා දෙන බවටද රුසියානු ජනාධිපතිවරයා රුසියානු ජාතිය හමුවේ පොරොන්දු විය.

සිය කතාවේදී ජනාධිපති පුටින්, කියෙව් පාලනයට චෝදනා කළේ, බටහිර සහචරයින්ගේ සෘජු නියෝග මත ක්‍රියා කරමින්, සාම සාකච්ඡාවලින් ඉවත් වන බවටය. සාකච්ඡාව තෝරා ගන්නවා වෙනුවට යුක්‍රේන ආණ්ඩුව නේටෝව විසින් පුහුණු කරන ලද භටයින් සමඟ සිය හමුදාව තර කර ඇති බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නව නාසි අන්තවාදීන් බවද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පෙබරවාරි මාසයේදී යුක්රේනයට යවන ලද රුසියානු හමුදා ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව මෙන්ම කියෙව් පාලනය විසින් හිමිකම් කියන යුක්රේනයේ භූමි ප්‍රදේශයෙන් සමහර ප්‍රදේශ විශාල කොටසක් සුරක්ෂිත කර ඇති බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි පෙළ කිලෝමීටර් 1,000 ඉක්මවන බවද සිය දේශනයේදී අනාවරණය කළේය.

දැනට රුසියානු හමුදා විසින් විශාල වශයෙන් පාලනය කරනු ලබන ඩොන්බාස් ජනරජ දෙකේ සහ යුක්රේනයේ කලාප දෙකක ඉදිරි ජනමත විචාරණ පිළිබඳව ද ජනාධිපති පුටින් සිය දේශනයේදී අදහස් පළ කළේය.එළඹෙන සිකුරාදා ඡන්ද විමසීම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, රුසියාවේ කොටසක් බවට පත්වන්නේද යන්න පිළිබඳව සලකා බැලීමට ජනමත විචාරණය ප්‍රකාශයට පත් කර ඇත. ජනමත විචාරණ හතරේ ප්‍රතිඵලවලට තම රජය ගරු කරන බවත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සඳහා ආරක්ෂාව සපයන බවත් ජනාධිපති පුටින් සිය දේශනයේදී අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More