නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතා චීන සමාගමකින් මුදල් ලබා ගෙන නැති බවත් එසේ මුදල් ලබා ගෙන තිබෙනවානම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කාංචන විඡේසේකර මහතා පවසයි.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසූ අතර තවදුරටත් මෙසේද කීය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තා වූ කරුණක් පිළිබඳව මේ දිනවල කතා වෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීම් කළේ ශඛ්‍යතා වාර්තාවක් ලබානොගෙන බවට එසේ කර තිබෙන චෝදනාව පළමුවෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මේ වෙනුවෙන් පළමු ශඛ්‍යතා වාර්තාව ලබාගන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් කටයුතු කරපු ආණ්‌ඩුවයි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව යටතේ හම්බන්තොට වරාය ඉදිකිරීම පිළිබඳව නැවත වරක් ශඛ්‍යතා වාර්තාවක් ලබා ගන්නවා. ඒ අනුවයි ඉදිකිරීම් සිදුවන්නේ. එවකට හිටපු ශ්‍රීලනිප මහලේකම්, එජනිස මහ ලේකම් සහ අදාළ චීන සමාගමේ කොන්ත්‍රාත්කරුවාගෙන් මේ ගැන විමසීමක් කරන්න පුළුවන්.
javascript:void(0);
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...