දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන කාර්යාලයේ මෑත වාර්තාවකට අනුව,අමෙරිකා එක්සත් ජනපදය බොහෝ සංවර්ධිත ජාතීන්ට වඩා පිටුපසට තල්ලු වී ඇති බව තහවුරු වේ. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 32 වැනි ස්ථානයේ සිටීමට අමෙරිකා එක්සත් ජනපදයට හැකිවූ අතර එක් වසරක් තුළ ස්ථාන 11 ක් පහත වැටී ඇති අතර මේ වන විට ලැයිස්තුවේ ඇති යුක්රේනය සහ කියුබාව යන රටවලට පවා පසුපසින් සිටින අතර යන්තමින් බල්ගේරියාවට ඉදිරියෙන් සිටීමට සමත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන කාර්යාලය කරනු ලබන ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීමේ දී රටක් ලබා ගන්නා ප්‍රගතිය මත ය. එහිදී සමාජ ප්‍රගතිය සංකේතවත් කිරීමට ප්‍රමිතීන් 17 ක් සැලකිල්ලට ගනු ලැබේ. එම ප්‍රමිතීන්ට “පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව” සහ “සාගින්න ශුන්‍ය” වැනි නිශ්චිත ජයග්‍රහණ මෙන්ම “ගුණාත්මක අධ්‍යාපනය” සහ “වගකිවයුතු පරිභෝජනය සහ නිෂ්පාදනය” වැනි අඩු අර්ථ දක්වා ඇති ප්‍රමිතිඳ ඇතුළත්ය. විශේෂත්වය වන්නේ මෙම තිරසාර සංවර්ධන ප්‍රමිතීන් වලට – සියලුම සාමාජික රටවල්  එකඟ වි තිබීමය.

2022 වර්ෂය සඳහා වන එක්සත් ජාතීන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්කැන්ඩිනේවියානු රටවල් පෙරමුණ ගෙන සිටින අතර ෆින්ලන්තය අංක එකේ සිටින අතර ඩෙන්මාර්කය, ස්වීඩනය සහ නෝර්වේ පළමු රටවල් හතරට පැමිණ ඇත. ලැයිස්තුවට ඇතුළත් වූ පළමු යුරෝපීය නොවන රට ජපානය වන අතර එය 19 වන ස්ථානයේ සිටින්නේ පළමු 20 දෙනා අතරට පත්වෙමිනි.

ඉතිහාසඥ කැත්ලීන් ෆ්‍රයිඩ්ල් පසුගිය 16 දා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , එක්සත් ජනපදයේ සිදුවී ඇතැයි වාර්තාවන පරිහානියට ජාතිවාදය සහ “ඇමරිකානු ව්‍යතිරේකවාදය” හේතු වී ඇතැයි දොස් පැවරුවේය. එහිදී ඉතිහාසඥ කැත්ලීන් ෆ්‍රයිඩ්ල් තර්ක කරනු ලැබුවේ “බොහෝ ඇමරිකානුවන් ඔවුන්ට ලැබිය යුතු “සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික ආරක්‍ෂාව සහ පරිසරයෙන් ” පවා වංචා කර ඇති බවයි. “ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජන” යනුවෙන් වැරදි ලෙස අර්ථ දක්වා ඇති නිර්ණායක හේතුවෙන් මෙම තත්වය උදාකර ගැනීමට අමෙරිකාව සමත්ව ඇති බවට ඉතිහාසඥ කැත්ලීන් ෆ්‍රයිඩ්ල් කරුණු දැක්වීම විශේෂත්වයකි.

එක්සත් ජනපදය සමාජ ප්‍රගමන දර්ශකයන්ගේ පිරිහෙන ජාතියක් ලෙස සලකුනු කරන එකම ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොවේ. ඉකොනොමිස්ට් සඟරාව මෙම වසර මුලදී ලොව පුරා “ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය” ඇගයීම සම්බන්ධයෙන් කළ සමීක්ෂණයේදී අමෙරිකා එක්සත් ජනපදය “දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්” ලෙස වර්ගීකරණය කළේය. එකොනොමිස්ට් සඟරාවේ ප්‍රමිතින් වලට රටක මැතිවරණ ක්‍රියාවලිය සහ බහුත්වවාදය, රජයේ ක්‍රියාකාරිත්වය, දේශපාලන සහභාගීත්වය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය සහ සිවිල් නිදහස සැලකිල්ලට ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More