දේශීය පුවත්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ මිලිටරි මෙහෙයුමේ ඉලක්ක නැවත අවධාරණය කළ අතර බටහිර ප්‍රභූ පැලන්තියේ ආකල්පයන් පුපුරවා හරින බවද ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(16) උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය. මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ප්‍රථමයෙන් රුසියානු ජනාධිපතිවර්යා චීනය, ඉන්දියාව, පකිස්ථානය, ඉරානය, තුර්කිය, උස්බෙකිස්තානය, අසර්බයිජානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ මොංගෝලියාව යන රටවල නායකයින් හමුවිය.

ජුලි මාසයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා පැවැත්වූ පළමු මාධ්‍ය හමුව වන මෙම සාකච්ඡාවේදී, විදෙස් මාධ්‍යවේදීහු බටහිර රටවල් සමඟ ගැටුම, යුක්රේනයේ සිදුවෙමින් පවතින මිලිටරි මෙහෙයුම සහ යුරෝපා සංගමයේ බලශක්ති අර්බුදය වැනි මාතෘකා ඔස්සේ රුසියානු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසන ලදී.

රුසියානු ජනාධිපති පුටින්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී  මාධ්‍යයවේදීන් ඇසූ අතිශය සංවේදී ප්‍රශ්න වලට ඔහු දුන් පිළිතුරු වලින් මෙම ලිපිය  සැකසුනි.

බටහිරයන් සෑම විටම රුසියාව විනාශ කිරීමට උත්සාහ කළහ

රුසියාව විනාශ කිරීම සහ එය කුඩා රාජ්‍ය ගණනාවකට කඩා විසුරුවීම සැමවිටම බටහිර රටවලසාමූහික ප්‍රමුඛතාවයක් වී ඇති බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය.ඒ අනුව යුක්රේනය, නූතන ” රුසියානු රාජ්‍යය විරෝධී සමූහාණ්ඩුවක්” බවට පත් කිරීමට තෝරා ගෙන ඇති අතර එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුක්‍රේනය ප්‍රධාන මෙවලමක් ලෙස භාවිතා කරන බව පුටින් විශ්වාස කරයි.
“ඔවුන් නිතරම උත්සාහ කළේ අපේ රට බිඳ වැට්ටවීමට සඳහා බව සහතිකයි. යම් අවස්ථාවක දී එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුක්රේනය භාවිතා කිරීමට ඔවුන් තීරණය කිරීම කණගාටුවට කරුණකි, ”පුටින් පැවසීය. “එම කූඨ අරමුනේ වර්ධනයන් වැළැක්වීම සඳහා අපි විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.”

යුක්රේනය කෙරෙහි ආකල්පය වෙනස් විය හැකිය

රුසියානු භූමියේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කිරීමට හෝ “ත්‍රස්තවාදී ප්‍රහාර” දියත් කිරීමට යුක්‍රේන බලධාරීන් දරන උත්සාහයන් වලට මොස්කව් පරිපාලනය ඉතා සංවෘත ප්‍රතිචාරයක් මේ වන විට දක්වා තිබේ.
“විශේෂ හමුදා මෙහෙයුම් යනු යම් ආකාරයක අනතුරු ඇඟවීමක් නොව විශේෂ හමුදා මෙහෙයුමකි. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන්, අපේ සිවිල් යටිතල පහසුකම්වලට හානි කිරීමේ උත්සාහයන් අපි කල් ඇතිව හඳුනාගෙන තිබෙනවා.නමුත් මේ මොහොතේ පමණක් අපි මේ ප්‍රහාරයන් සඳහා සංයමයෙන් ප්‍රතිචාර දක්වන්නෙමු.” පුටින් ප්‍රකාශ කළේ අනාගතයේදී ප්‍රවේශය වෙනස් විය හැකි බවට අනතුරු අඟවමිනි.
“මෑතකදී, රුසියානු සන්නද්ධ හමුදා යුක්‍රේනයට සංවේදී ප්‍රහාර කිහිපයකින් ප්‍රතිචාර ලබා දුන්නා, ඒවා අනතුරු ඇඟවීම් පමණයි. තත්ත්වය තවදුරටත් මේ ආකාරයෙන් වර්ධනය වුවහොත් ඊට ලැබෙන ප්‍රතිචාරය වඩාත් බරපතල වේව්.” ඔහු වැඩිදුරටත් පැවසීය.

යුක්රේන ගැටුම් ඉලක්කවල වෙනසක් නැත

යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමෙන් රුසියාව අත්කර ගැනීමට උත්සාහ කරන ඉලක්කවල කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි පුටින් මෙහිදී අවධාරණය කළේය. “මූලික සැලැස්මේ කිසිදු වෙනස්කමක් සිදුවන්නේ නැහැ. ප්‍රධාන අරමුණට සාපේක්ෂව මෙහෙයුම් කාර්ය මණ්ඩලය මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍යය තීරණ ගනු ලබනවා.” පුටින් ප්‍රකාශ කළේය.
“ප්‍රධාන ඉලක්කය වන්නේ ඩොන්බාස් හි සමස්ත භූමියම මුදා ගැනීමයි. යුක්රේන හමුදාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තැත් කළ ද මෙම කාර්යය දිගටම පවතී. ”ජනාධිපති පුටින් පැවසූවේ, කියෙව් පාලනයේ හමුදාවන් විසින් සිදු කරන ප්‍රතිප්‍රහාරයෙන් කිසිදු නිගමනයකට එළඹීමට ඉක්මන් වැඩි බවත්, “එය අවසන් වන්නේ කෙසේදැයි” යමෙකුට අවශ්‍යය නම් බලා සිටිය යුතු බවත් අවධාරණය කරමිනි.

යුක්රේනය සමඟ සාම සාකච්ඡා පිළිබඳ අපේක්ෂාවන් අවිනිශ්චිත ය

මාර්තු මාසයේදී ඉස්තාන්බුල් නගරයේදී පැවැති සාකච්ඡාවේදී යුක්රේන යෝජනාව සඳහා ආරක්ෂක සහතික කිරීම්වලට එකඟ වීමට රුසියාව සූදානම් බව රුසියානු ජනාධිපතිවරයා අනාවරණය කළේය. කෙසේ වෙතත්, කියෙව් පරිපාලනය විසින් සාකච්ඡා කඩා කප්පල් කරන ලදී.

“මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට කොන්දේසි නිර්මානය කිරීම සඳහා කියෙව් වෙතින් රුසියානු හමුදා ඉවත් කර ගනු ලැබුවා. එය තත්වය වර්ධනය කරනවා වෙනුවට, කියෙව් බලධාරීන් වහාම සියලු අවබෝධතාවයන් අත්හැර දැමීය. රුසියාව සමඟ කිසිදු ගනුදෙනුවක් නොපවත්වන බවත්, යුද බිමේ ජයග්‍රහණය අපේක්ෂා කරන බවත් ඔවුහු ප්‍රකාශ කළා. එහෙමනම්, ඔවුන්ට ඉඩ දෙන්න.” පුටින් අවධාරණය කළේය.

පුටින් සහ පුටින්ගේ යුක්රේන සහකරු ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අතර තවදුරටත් සාකච්ඡා හෝ පුද්ගලික සාකච්ඡා පිළිබඳ අපේක්ෂාවන් අවිනිශ්චිත බව පුටින් පිළිගත්තේය. “පළමුව, ඔවුන් සාකච්ඡා පැවැත්වීමට එකඟ විය යුතුය. නමුත් ඔවුන් සාකච්ඡාව ප්‍රතික්ෂේප කරනවා. සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ , ඔහු රුසියාව සමඟ කතා කිරීමට සූදානම් නැතිවාක් මෙන්ම ඒ සඳහා කැමැත්තක්ද නැති බවයි. ඉතින් , ඔහු සූදානම් නැතිනම්  අපට සාකච්ඡා අවශ්‍යය වන්නේ නැහැ. ”පුටින් පැවසීය.

යටත්විජිතවාදී මානසිකත්වය බටහිරට පීඩා කරයි

බටහිර සාමූහික රටවල් තවමත් යටත් විජිත යුගයේ මානසිකත්වය තුළ සිරවී සිටින බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බටහිර රටවලට වෙනත් කෙනෙකුගේ වියදමින් ජීවත්වීමේ පුරුද්ද අත්හැරිය නොහැකි බව ප්‍රකාශ කරමිනි.

“මේ බටහිර රටවල් අතීතයේදී යටත් විජිත බලවතුන්. ඔවුන් තවමත් යටත් විජිත දර්ශනයේ සුසමාදර්ශය තුළ  වෙනත්  චනයකින් පවස්න්නේ නම් අතීත කාමය තුල ජීවත් වෙනවා.ඔවුන් අනුන්ගෙ සම්පත් වලින් ජීවත් වෙන්න පුරුදු වෙලා. ඔවුන්ගේ ප්‍රායෝගික දෛනික දේශපාලනයේ දී ඔවුන්ට තවමත් මෙම සුසමාදර්ශයෙන් මිදීමට නොහැකියි” රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යුරෝපා සංගමයේ බලශක්ති අර්බුදයට හේතුව කුමක්ද යන්න පිළිබඳව

යුරෝපයේ පවතින බලශක්ති අර්බුදය, රුසියාවට සහ රුසියාව යුක්‍රේනයේ කරනු ලබන යුද මෙහෙයුමේ හේතුවක් ලෙස නිරන්තරයෙන් චෝදනා කරන නමුත් යුරෝපයේ සිදුවෙමින් පවතින සිදුවීම් ඊට බොහෝ කලකට පෙර ආරම්භ වූ බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.” යුරෝපා සංගමය විසින්ම අර්බුදය නිර්මාණය කර ඇති අතර දැන් එය හුදෙක් “අන් අයගේ වියදමින්” විසඳීමට උත්සාහ කරයි.” පුටින් චෝදනා කළේය.

“යුරෝපයේ බලශක්ති අර්බුදය ආරම්භ වූයේ රුසියාව යුක්රේනයේ, ඩොන්බාස්හි විශේෂ මිලිටරි මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ නොවේ, රුසියානු මෙහෙයුම් ඇරඹීමට වඩා බොහෝ කලකට පෙර යුරෝපයේ බලශක්ති අර්බූදය ආරම්භ වූවා. අර්බූදය ආරම්භ වීම විශේෂයක් විය හැකි නමුත්, ‘හරිත’ න්‍යාය පත්‍රය සමඟයි බලශක්ති අර්බූදය ආරම්භ වූයේ. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා හරිත බලශක්තිය හඳුන්වාදීම වැදගත් වන නමුත් යුරෝපීය රටවල් කෙටි කාලීනව හරිත න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට දේශපාලන අරමුණු මූලික කරගෙන ෆොසිල ඉන්ධන ශක්තිය එකවර ඉවත් කිරීමට තීරණය කළා.” පුටින් පෙන්වා දුන්නේය.
ඉහළ නගින බලශක්ති බිල්පත් මොස්කව් වෙත යැවීමට යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් ඉදිරිපත් කරන ලද අදහස රුසියානු ජනාධිපතිවරයා මාධ්‍යය සාකච්ඡාවේදි සමච්චලයට ලක් කළ අතර, එය “ගැටලුව, නිරෝගී නොවන හිසකින් ඇති වන හිසරදය සෞඛ්‍ය සම්පන්න හිසකට මාරු කිරීම වැනි බොළඳ උත්සාහයක් ලෙස පවසා බැහැර කළේය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

https://www.rt.com/russia/562965-ukraine-conflict-energy-crisis/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More