පුරවැසි කොලම

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරයක නිරත වන කාලය අතරතුර යාපනයේ උද්ඝෝෂණයක්‌ පැවැත්විණි. එම උද්ඝෝෂණයේ මූලිකත්වය ගෙන සිටියේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුළු පිරිසකි. සිවාජිලිංගම් පමණක්‌ නොව ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන බොහෝ පිරිසක්‌ උද්ඝෝෂණය කරන්නේ රට බෙදීමට බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතා ප්‍රකාශ කර තිබුණේ “උද්ඝෝෂණය කර මා දුර්වල කිරීමෙන් යක්‍ෂයා ශක්‌තිමත්” වනු ඇති බවය. “යක්‍ෂයා” කවරකු දැයි යන්න අප විග්‍රහ කරන්නට උත්සහ නොදරන මුත්, ඕනෑ තරම් යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්‌ඩයන් යාපනය වෙනුවෙන් “ශක්‌තිමත්” විය හැකි බොහෝ දේවල් අටවමින් සිටින බව පැහැදිලිය. පසුගිය දිනවල වාර්තා වී තිබූ ආකාරයට “දේශ සීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානයෙන්” ඊළාම් රාජ්‍යයකට අලුත් සැලැස්‌මක්‌ සකස්‌ කෙරෙමින් පවතින්නේ එවැනි “අවතාර” නැගිටීමේ ප්‍රතිඵලයක්‌ හැටියටය. ඒ අනුව වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ ඇතුළු විසඳුම් මාලාවක්‌ සඳහා උතුර නැගෙනහිර සහ දෙමළ ඩයස්‌පෝරාවේ දෙමළ ජනතාවට යෝජනා ඉදිරිපත් කර ජනමත විචාරණයක්‌ සිදුකිරීමට එම සංවිධානය පියවර ගත්තේ ඒ අනුවය. ,ශැs එද රුෙeරුබාමප, නමින් මෙම ජනමත විචාරණය පැවැත්වීමට යෝජනා කර තිබේ. එම යෝජනා අතර දෙමළ ජනතාව ස්‌වයං අයිතිය සහිතව ජීවත් කරවීම, සිංහල බෞද්ධ බලපෑම්වලින් ආරක්‍ෂා කර ගැනීම ආදිය වේ. ජනමත විචාරණය පවත්වා දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම එම සංවිධානයේ අරමුණ බව කියෑවේ.

ජනාධිපතිවරයා කිව්වත් නැතත් මෙවැනි අවතාර (යක්‍ෂයන්) වරින් වර මෙවැනි “සද්ද” දැමීම සාමාන්‍ය දෙයකි. එවැනි අවතාරවලට උඩගෙඩි දෙන සිංහල පිල්ලි ද ඕනෑ තරම් සිටින බව අමතක කළ යුතු නැත. මේ අවතාර නැගිටින්නේ කිසිවකුත් “දුර්වල” වන අවස්‌ථා සොයා බලා නොව “දුර්වල” කිරීමේ හොඳම උපක්‍රම, බලවේග ක්‍රියාත්මක කරමින් බව කිව යුතුය. මේ කිසිවක්‌ හිටි හැටියේ හටගන්නා “මාර ප්‍රශ්න” නොවේ. බොහෝ සීරියස්‌ ප්‍රශ්නය. ගැටලුව වී ඇත්තේ බොහෝ උදවියට මේවා තවමත් සීරියස්‌ නොවීමය.

නැවත ලබාගත නොහැකි ලෙස බලය බෙදීමක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරන විට අපට ඒ කතා සීරියස්‌ නොවන්නේ අප තවමත් “දුර්වල” නැතැයි යන පූර්ව මානසිකත්වයක සිටින නිසාය. එහෙත් ව්‍යවස්‌ථාව හරහාද එවැනි තැනකට පාර කැපෙන විට අප කොතරම් “දුර්වලද?” “යක්‍ෂයා” මේ වන විටත් පැමිණ ඇති බවත් අපට අවබෝධ කරගත හැක. කොහොමත් බෙදුම්වාදී කල්ලිවලට අවශ්‍ය වූයේ මස්‌ රාත්තලමය. ඒ අයට අනංමනං වැඩක්‌ නැත. පස්‌ස බිම ඇනී කොන්ද කඩාගෙන සිටින එල්. ටී. ටී. ඊ. ගැති බෙදුම්වාදීන් දෙමළ ජනතාවට මෙවැනි ගුණ්‌ඩු අතහැරීම හිටි හැටියේ පටන්ගත් එකක්‌ නොවේ. 2009 යුද්ධය අවසන් කළ මොහොතේ පටන් කාට කාටත් මේ ෆෙඩරල් වලිප්පුව වැළඳී තිබිණි. ප්‍රභාකරන් සංකල්පය මෙන්ම ෆෙඩරල් සංකල්පය නැසීම ද තරමක්‌ අසීරු කාරණයක්‌ වී ඇත්තේ තවමත් මේ ගැන වගකිව යුතු අය හරි හැටි අවබෝධ කරගෙන නොසිටීමය. නොඑසේනම් හිතාමතාම අමතක කර දමා බෙදුම්වාදයට පාර කැපීම නිසාය. ඉතිං අපි “දුර්වල” බව කියන්නත් දෙයක්‌ද?

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More