ව්‍යාපාරික පුවත්

කොටස් වෙළෙඳ පොළත් පහළට

June 28, 2018 10:28 am | Lanka Lead News

2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. පසුගිය (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී ඒකක 141.21 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.
ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 541.16 ක් ලෙසින් සටහන් වූ අතර ප්රධාන වශයෙන් ඒ සඳහා දායක වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රු. මිලියන 199.8 ක හා කොමර්ෂල් බැංකුවේ රු. මිලියන 102.29 ක ගිවිසාගනු ලැබූ ගනුදෙනු දෙකකි. ඒ හැරුණු විට සාමාන්ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් ජනනය වූ පිරිවැටුම රුපියල් මිලියන 239 ක් පමණක් විය. කෙසේ වෙතත් 2018 වසරේ මේ දක්වා දෛනික සාමාන්ය පිරිවැටුම රුපියල් මිලියන 952 ක් ලෙසින් වාර්තා වේ.
2015 ජනවාරි 08 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,497.6 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර එය (2018 ජූනි 26) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඒකක 1,205.6 කින් පහළ ගොස් තිබේ. එනම් සියයට 16 ක කොටස් වෙළෙඳපොළ පහළ යාමකි.
මේ අතර පවතින තත්ත්වය තුළ කොටස් තැරැව්කාර සමාගම් ගණනාවකට මේ වන විට සිය දෛනික වියදම් පවා පියවා ගැනීම ගැටළුවක් වී තිබේ. අඩු ද්රවශීලතා මට්ටම් හේතුවෙන් තැරැව්කාර සමාගම්වල ආදායම් පහළ යාම මීට හේතුවයි.
අවම ප්රාග්ධන ප්රමාණතා අවශ්යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම, නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම, TKS සිකියුරිටීස් (පුද්) සමාගම හා ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්රෝකර්ස් (පුද්) සමාගම යන කොටස් තැරැව්කාර ආයතනවල ගනුදෙනු ක්රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පසුගිය අප්රේල් 17 දින සිට තීරණය කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More