ප‍්‍රධාන පුවත්

සූරිය වැව රක්ෂිතයක් ආශ්‍රිතව සිවිල් ඇදුමින් රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් සම්බන්ධයෙන් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට ගැටළුවක් මතුවී තිබේ.

ඒ ප්‍රදේශයේ වැලි ප්‍රවාහනයේ නිරත ටිපර් රථ රියදුරන් පිරිසක් කළ කරුණු දැක්වීමක් හමුවේයි.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු පැමිණ අමාත්‍යවරයාට කරුණු අවබෝධ කර දී තිබේ.

සූරියවැව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 18 කට පමණ තර්ජනයක් වී ඇති වනඅලි ප්‍රහාර වැළැක්වීම සඳහා ඉදි කළ අලිවැට ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (26) එම ප්‍රදේශයට පැමියේය.

මේ අතරතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙම ප්‍රදේශයේ සිට පස් ප්‍රවාහනය කරන ටිපර් රථ හිමියන් නියෝජ්‍ය අමාත්‍යවරයා මුණ ගැසී තිබේ.

එහිදී මෙම රියදුරන් එම මාර්ගයේ සිවිල් ඇදුමින් රාජකාරිවල නිරත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සම්බන්ධයෙන්‍ චෝදනා කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඒ ආසන්නයේ සිටි නිලධාරීන් කැදවා මේ පිළිබදව විමසා සිටියේය.

මෙහිදී සිවිල් ඇදුමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ද ටිපර් රථ රියදුරන්ගේ වැරදි සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්වත් කළේය.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානීන් එම ස්ථානයට පැමිණ නියෝජ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More