දේශීය පුවත්

රාජිතගෙන් රටටම කංසා

June 27, 2018 12:17 pm | Lanka Lead News

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබඳ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී‍ෙපැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

“කංසා වගා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගත්තා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැනඩාව සහ බ්‍රිතාන්‍යය කංසා සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. කංසා ඖෂධයක් ලෙස භාවිත කිරීම ස්නායු රෝගවලට පිළියමක්.

කංසා තහනම් කළේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින්. කංසා ඉරීම ගැටලුවක්. නමුත් ඖෂධ වශයෙන් භාවිත කළ යුතුයි. අපි බලයට පැමිණෙන විට අබිං පවා තිබුණෙ නැහැ. මගේ මැදිහත් වීමෙන් අබිං ඉන්දියාවෙන් ආනයනය කළා.

කංසා වගා කිරීම තුළින්ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ අක්කර 100ක පමණ කංසා වගා කිරීමට තමයි මම යෝජනා කර තිබෙන්නේ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More