දේශීය පුවත්

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් දැනට පවතින සියයට 14.50 සහ සියයට 15.50 මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (CBSL) තීරණය කර ඇති බව වාර්තාවේ.

ඊයේ(අගෝස්තු 17 ) වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සමාලෝචනයක යෙදෙමින්, මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්තියට සාපේක්ෂව, ක්‍රියාකාරීත්වයේ අපේක්ෂිත හැකිලීමට වඩා විශාල සහ අපේක්ෂිත මිල පීඩනය ලිහිල් කිරීමට වඩා වේගවත් බව පෙන්වා දෙන නවතම මාදිලි පදනම් වූ ප්‍රක්ෂේපණයන් සලකා බැලූ බව ප්‍රකාශ කළේය.

හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග සමඟ දැනටමත් ක්‍රියාත්මක වන සංකෝචනීය මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති, පෞද්ගලික අංශයට ණය සැලකිය යුතු ලෙස හැකිලීමට සහ නුදුරු කාලීනව විරැකියාවට ඉහළ අවදානමක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

නුදුරු කාලීනව ප්‍රධාන උද්ධමනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබුණද, මහ බැංකුව සහ රජය මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග, ඕනෑම සමස්ථ ඉල්ලුම් පීඩනයක් පාලනය කර ගැනීමටත්, එමඟින් අපේක්ෂිත උද්ධමන අපේක්ෂාවන් නවතා ලීමටත් උපකාරී වනු ඇති බව මණ්ඩලයේ අදහස විය. ගෝලීය වෙළෙඳ පොළේ භාණ්ඩ මිල පහත වැටීම සහ ඉදිරි කාලය තුළ දේශීය මිල ගණන් වලටද බලපානු ඇත.
ඵලදායී වෙළෙඳපොළ පොලී අනුපාත විශේෂයෙන් ඉහළ මට්ටමක පවතින අතර මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තවදුරටත් සමස්ත ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය කෙරෙනු ඇති බව මණ්ඩලයේ අදහස විය.

දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්‌ඩව අධීක්‍ෂණය කරන බවත්, උද්ධමනය අපේක්ෂිත පරාසය තුළ ස්‌ථාපිත කිරීමටත්, ඉදිරි කාලසීමාව තුළ වැඩි සාර්ව ආර්ථික ස්‌ථාවරත්වයක්‌ තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටින බවත් මහ බැංකුව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More