පුරවැසි කොලම

චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුව පිළිබඳව බොහෝ දෙනෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරති. විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුව හැර රට හමුවේ තිබෙන මෙම අනතුර කල්තබා විනිශ්චය කළ හෝ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ කිසිවෙකුත් නොවීම අභාග්‍ය සම්පන්නය.

ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය අමතක කර දැමීමට කිසිවෙකුටත් නොහැකිය. චීනය ලොව බලවත්ම රාජ්‍යයක් වීම නිසා පමණක් නොව රාජතාන්ත්‍රික වශයෙන් ද චීන ශ්‍රී ලංකා මිතුදමට මේ වනවිට වසර 65ක් ගතවී තිබේ. රබල් සහල් ගිවිසුම අනුව ගත් කල එය වසර 70ක අතීතයකි.

යුද්ධය හෝ සාමය පැවැති සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා රාජ්‍ය සමග නෙවෙනස් මිතුදමක සිටි චීනය සමඟ හොඳ හිත වර්ධනය කරනු විනා එය පලුදු කර ගැනීමෙන් සිදුවන හානිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් නොවීම මෙම ප්‍රශ්නයේ ඇති භයානක බව තවත් පැහැදිලි කරයි.
රටක් විදියට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින මෙම බරපතල ගැටලුව විසඳා නොගන්නේ නම් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන ස්ථීර සාර විසඳුමකට පැමිණීමට හැකි ද යන්නත් අවිනිශ්චිත ය.
අමෙරිකාව මෙන්ම ඉන්දියාව සහ චීනය ලොව බල දේශපාලනයේ නිරත වන ප්‍රභල රාජ්‍යයන්ය. එක් පැත්තකින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉන්දියාව දක්වාම චීනයේ මෙම නැගිටීම දෙස බලා සිටියි. ඉන්දු- පැසිපික් කලාපයේ බලය සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය ඉන්දියානු සාගර කලාපයේ මැදිව පිහිටි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපා තිබේ.

ස්ථීර විදේශ ප්‍රතිපත්තියක් නොමැතිවීත් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීම මගහැරීමත් නිසා ඉන්දියාව හෝ තවත් මිතුරු රටක් එකම කාරණයක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයක් සම්බන්ධයෙන් අසරණවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ.
විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුව පසුගිය 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණේ චීනයේ යුආන් වැංග් 05 නෞකාවට බාධාවකින් තොරවට මෙරට වරායකට පැමිණීමේ අවස්ථාව ලබා දිය යුතු බවයි.
එමෙන්ම අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාව හා චීන ජනතාව අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට බල කර තිබේ.
චීනයේ යුආන් වැංග් 05 නෞකාව මෙරටට සේන්දුවීමට ශ්‍රී ලංකාවෙන් අවසර ලබාගෙන ඇත්තේ පසුගිය ජුලි මාසයේ 12 වැනිදාය. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ අවසරය ලබා දී ඇති අතර චීනයේ සිට හම්බන්තොට දක්වා නෞකාව දියත්වී ඇත්තේ ඉන් දින දෙකකට පසුව ජුලි 15 වැනිදාය.

අදාළ අවසරය දී තිබිය දී ඉන්දියාව මෙම නෞකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මුල්කර ගනිමිනි. මෙම නෞකාවේ ඇති අධි තාක්ෂණික උපකරණ මගින් ඉන්දියානු මුහුදු කලාපය මෙන්ම ගොඩබිම ද යුද හැකියාවන් පිළිබඳ තොරතුරු ද අභියෝගයට ලක්වන බව ඉන්දියාවේ අදහසයි.
තායිවානය සම්බන්ධයෙන් අමෙරිකා – චීන මත ගැටුම් උග්‍රවෙමින් තිබිය දී මෙම තත්ත්වය පැන නැගීම තවත් පැතිකඩකි. එසේ වුවද ඉන්දියානු සාගරයේ ආරක්ෂාව පිළිබඳව ඉන්දු ශ්‍රී ලංකා පැහැදිළි එකගත්වයක් නොවීමත්, ආර්ථික වශයෙන් බින්දුවට වැටී සිටිය දී ඊට උපකාර කරණ ඉන්දියාව ඊට සමගාමීව මෙම බලපෑම් එල්ල කිරීමත් විශේෂිතය.

අදාළ බලපෑම් අනුව යමින් 2022 අගෝස්තු 08 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත යැවුණු ලිපියක් මගින් දන්වා තිබුණේ,
01. චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) නැමති පර්යේෂණ නෞකාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසරය 2022 ජූලි 12 වැනිදා ලබාදුන් බවත්,
02. එහෙත්, මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන තුරු හම්බන්තොට වරායට එම නැව ඇතුළු කිරීම පමා කරන ලෙසත් ය.

ඒ අනුව ගත් කළ චීනය මෙවැනි නෞකා පංතියකට අයත් නෞකාවන් මෙරටට සේන්දු කළ පළමු වතාව ද මෙය නොවේ. පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා ෂි යැං 6 නෞකාවත්, ඊට පෙර වසරේ අප්‍රේල් 11 වැනිදා ෂි යැං 1 නෞකාවත් මෙරට කොළඹ වාරායට සේන්දු වී තිබිණි. යුආන් වැංග් 05 ට මදක් අඩුවෙන් අධි තාක්ෂණය භාවිතා කරන එම නෞකා පැමිණි අවස්ථා එකකදි හෝ ඉන්දියාවේ විරෝධයක් පැන නොනැගීමත් හාස්‍යට කරුණකි.
එමෙන්ම යුආන් වැංග් 05 චීන නෞකාව මෙරටට සේන්දුවීමෙන් ඇතිවන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව ලිඛිතව ශ්‍රී ලංකාවට කරුණු ඉදිරිපත් නොකිරීම ද කැපී පෙනෙයි. මේ වටපිටාව තුළ හම්බන්තොට දක්වා සේන්දුවීමට ආ යුආන් වැංග් 05 නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින් දැනට නැංගුරම් ලා තිබේ.

සාමන්‍යයෙන් සාගර නීතිය අනුව මුහුදේ දියත්වන නෞකාවක් නැවැත්වීමේ බලයක් වෙනත් රාජ්‍යයට හිමිනොවන අතර තමන්ගේ මුහුදු කලාපයට එම නෞකා පැමිණීමට ඉඩ ලබාදීමේ අයිතිය හිමිවේ. එසේ නොමැති වුවද හදිසි අවස්ථාවක දී ඉන්ධන ආහාර ජලය ලබාගැනීම සඳහා රටක සේන්දු වීමේ හැකියාව තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම විවිධ රටවල යුධ නෞකාවලට මෙරටට සේන්දුවීමට අවස්ථාව ලබා දී ඇති අතර ඇතැම් අවස්ථාවල ඒකාබද්ධ යුධ අභ්‍යාසවල පවා නිරත වී ඇත. පකිස්ථාන නාවික හමුදාවට අයත් PNS TAIMUR යුධ නෞකාව අගෝස්තු 12 වැනිදා අලුයම මෙරටට සේන්දු වී ඇත්තේ ඒ අනුවය.

ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව එහි වැඩිම ණය පංගුවක හිමිකාරිත්වය දරණ චීනය සමග තවත් හොඳ හිත වර්ධනය කළ යුතුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය සහනය ලබා ගැනීමේ දී ප්‍රධාන ණය හිමියන්ගේ ද කැමැත්ත තීරණාත්මක වන නිසාය.
ඒ නිසා විමල්ලා ගත් මාවත දේශපාලන වශයෙන් ද රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ද රට හමුවේ සංවාදයට ලක්වෙමින් ඉදිරියට යා යුතු අතර වැටුණු රට ගොඩ ගැනීමේ දී මෙම ප්‍රතිපත්තිවල නිවැරදි බව අනාගතය සාක්ෂාත් කරන ප්‍රධාන මෙවලමක් වනු ඇති බව පැහැදිලිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More