දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) සවස ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවෙන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමු‍ෙණ් නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේ රනිල්ගේ ආණ්ඩුව බිඳ වැට්ටවීමට තුඩුදෙන දේශපාලන තීරණ ගන්නා ඕනෑම මන්ත්‍රීවරයකු පිළි ගැනීමට සූදානම් බවය.

එජාප ආණ්ඩුව ජනතා විරෝධීව ගෙන යන වැඩපිළිවෙළ පැරදවීම සඳහා වන පුළුල් පෙරමුණ සෑදීමට අදාළ කරුණු සාකච්ඡා කළ බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, අධ්‍යාපන ලේකම් දීපාල් ගුණසේකර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන නිමල් පියතිස්ස, සමන්සිරි හේරත්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More