ප‍්‍රධාන පුවත්

තමා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිටුපස මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙකු සහ ඔහු යටතේ සිටින ඇමතිවරුන් දෙදෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටි බවත්, වත්මන් ආණ්ඩුවම මෙම සිද්ධියට වගකිව යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26දා) පැවසූහ.

රජගිරිය ,නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව අනාවරණය කළේය.

එම ඇමතිවරුන් දෙදෙනා සහ ඔවුන්ට ඉහළින් සිටින ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තමා මාස හයකට සිරගත කර ජම්පරය ඇන්දවිය යුතු යැයි තීරණය කර තිබුණු බවත්, බන්ධනාගාර ගතවීමට සතියකට පෙර තමාට එම සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව දැනගන්නට ලැබුණු බවත් ඥානසාර හිමියෝ සඳහන් කළහ.

තමා සිරගත කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ ආරක්ෂක මූලස්ථානයේ නිලධාරියෙකුට උසස්වීම් සහ වරප්‍රසාද ලබාදී තිබෙන බවත් උන්වහන්සේ මෙහිදී කියා සිටියේය.

මහදවල් මහබැංකුව මංකොල්ලකෑමේ සිද්ධියට නායකත්වය ලබාදුන් අගමැතිවරයා භික්ෂූන් වහන්සේලාට ජම්පරය ඇන්දවීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, මංගල සම්මත ඇමතිවරයෙකු මේ රටේ සංස්කෘතිය හා මහා සම්ප්‍රධාය අවමඟුලකට ගෙන යෑම සඳහා කටයුතු කරමින් සිටින බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.

බන්ධනාගාරය තුළදී තමන්ට ජම්පරය අඳින ලෙස එහි නිලධාරීන් පැවසුවද තමා සිදුකර ඇති වරද සහ ලබාදී ඇති දඬුවම දෙස බලන්නැයි එම නිලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, සිරකුටියෙන් පිටතට නොයා රැඳී සිටිමින් අඳන කඩය ඇඳ ඊට උඩින් තුවායක් දමාගෙන සිටි බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

මින් ඉදිරියට කිසිදු දේශපාලඥයෙකු විශ්වාස නොකරන බවත්, කිසිදු දේශපාලඥයෙකු පසුපස නොයන බවත්, බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව හා තමන් සකස් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දළදා මාලිගයේ අත තබා දිවුරණ පුද්ගලයෙකු 2020දී ජනාධිපතිවරයා වශයෙන් තෝරාගැනීමට සහය ලබාදෙන බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.

colombo today



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More