පුරවැසි කොලම

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඊයෙ, 08-08-22, 360° වැඩසටහනට ඇවිත් එතුමල 2015 දි යුදාපරාධ චෝදනා සමනය කළාය කියා කිව්වෙ අමූලික මුසාවක් බව ප්‍රකාෂ කරන්න වෙනව. ඔවුන් එසේ සමනය කළානම් මීට පෙර වතාවක විජේදාස මහතම රනිල් සහ මංගල දොන් ජුවන් ධර්මපාලගෙ බාප්පල ලෙස ප්‍රකාෂ කිරීම නිවැරදිද? අවස්ථාවාදී දේශපාලනය කිරීමෙන් රට අමාරුවේ දැමීම කුමනම අවස්ථාවකවත් අනුමත කල නොහැකියි. සමනය කරානම් බාහිර යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ චෝදනා ගොඩගසමින් තියෙන්නෙ ඇයි? විජේදාස මහතා ඒ පිළිබඳව කිසිවක් දන්නෙ නැතිද?

වැඩසටහන මෙහෙයවූ නිවේදකට යුදාපරාධ චෝදනා පිළිබඳව මනා දැනුමක් නොමැති බැවින් විජේදාස මහතා ප්‍රශ්ණකිරීමෙන් ගැලවුනා. නිවේදකට යුදාපරාධ චෝදනා පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම පිළිබඳව අප කනස්සලු හෝ පුදුම වියයුතු නැහැ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වරයවත් දැනගෙන හිටියෙ නැහැ තමුන් පිළිගත්තෙ රණවිරුවන් යුදාපරාධ කළාය යන චෝදනාව සහ ඊට ලබාදියයුතු ඳඬුවම් බව. අපට සිදුවුනා, ජාතිමාමක භික්ෂූන් වහන්සේලාගේ ඉලීම පරිදි, එතුමාව දැනුවත් කරන්න. නිවේදකටත් අවශ්‍යනම් එසේ දැනුවත් විය හැකියි.

විජේදාස රාජපක්ෂ මහතා යහපාලන කාලයේදී 30/1 සම්මුතියට අදාලව සම්මතකරගත් පණත් හතරෙන් එක පණතක් වන අපරාධකරුවන් පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීමේ පණත විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආකාරයෙන්ම සම්මත වුනි නම් සිංගප්පූරුවේදී අයිටීජේපී කණ්ඩායමටම පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව මානව අයිතිවාසිකම් කඩකල චෝදනාව සිංගප්පූරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබුනි. එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ අවස්ථාවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ඇතුළු ජාතික සංවිධානවල විරෝධය නොවන්නට එම දුර්දාන්ත සංශෝධනය පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්නට ඉඩ තිබුනි. එවන් පසුබිමක් සහිත වත්මන් අධිකරණ ඇමති එදා යුද අපරාධ සමනය කළා යැයි පැවසීම ගහ දන්නා මිනිසාට කොළ කඩා පෑමක් වැනි බව අකමැත්තෙන් වුවද සඳහන් කරන්නෙමු.

මෙහි තත්කාලීන අභියෝගය කුමක්ද කියා අනවබෝධයෙන් හෝ අමතක කිරීමෙන් ප්‍රශ්නය හෑල්ලුකල යුතු නොවේ.එබැවින් සමනය හෝ දොන්ජුවන් කතා අමතක කර සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජිනීවා සමුළුවේ බාහිර යාන්ත්‍රණ අභියෝගයට මුහුණ දීමට වහ වහා රජය කටයුතු කළ යුතුයි. නව විදේශ කටයුතු ඇමති සහ අධිකරණ කටයුතු ඇමති යන ඇමතිවරුන් දෙපොළම නීතිඥයින් බැවින් චෝදනාලාභී රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉටුකර ගැනීමේ වටිනාකම ඔවුන් හොඳාකාරව දැනසිටිය යුතුයි.

විජේදාස රාජපක්ෂ මහතා කළ අනෙක් චෝදනාව වන්නේ අර්ජුන් මහේන්ද්‍ර ලෙසම අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාවත් හැඳින්වීමවේ. රටේ ආර්ථිකය අද දිනයේ මෙවන් අගාධයකට දැමීමට හේතුවී ඇති ජාත්‍යන්තර ස්වයිරී බැඳුම්කර ඩොලර් බිලියන 15.5 න් ඩොලර් බිලියන 12.5 ක්ම අරගෙන තිබෙන්නෙ වත්මන් ජනපති රනිල් මැතිතුමාගෙ භාරයේ මහබැංකුව පවතින විටත් එවිට එහි අධිපතිලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ කාලයේත් බව අමතක කළ නොහැක. එසේනම් විජේදාස මහතා දූශිත හෝ අකාර්‍යක්ෂම යැයි නම් කළ කළයුත්තේ කබ්‍රාල් මහතාව නොව ඉන්ද්‍රජිත් මහතාවයි.

මෙසේ ප්‍රකාෂ දෙකක් මගින් ප්‍රසිද්ධියේ ජනතාව නොමග යැවීමට උත්සාහ කිරීම පිළිබඳව විජේදාස රාජපක්ෂ මහතාට අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාෂ කිරීමට සිදුවීම පිළිබඳව කනගාටු වන්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More