Uncategorized

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට ජන ජීවිතය හා තදින් බැඳුණු රාජ්‍ය තැපැල් සේවය බිඳනොවට්ටවා සේවක ගැටළුවලට වහා විසඳුම් දීම ආණ්ඩුවේ වගකීමයි…

27,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී ඇති ගැටළු රැසකට විසඳුම් ඉල්ලා ඔවුන් වර්ජන ක‍්‍රියාමාර්ගයකට එළඹ අද වන විට සති දෙකක් ඉක්ම ගොස් තිබේ. අභ්‍යන්තර චක‍්‍රලේඛයක් හේතුවෙන් බඳවා ගැනීම්, උසස්වීම්ලදී මතුව ඇති ගැටළු හා වැටුප් තලවල මතුව ඇති විෂමතා හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ තැපැල් සේවකයෝ හෙම්බත්ව සිටිති.

මේ ආණ්ඩුව තැපැල් සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල තනතුරු 18ක් අහෝසි කිරීම ද රට පුරා පිහිටි උප තැපැල් කාර්යාල 3410ක ස්ථානාධිපතිවරුන් මුහුණ දී ඇති දුෂ්කරතා නොසලකා හැරීම ද දීපව්‍යාප්ත තැපැල් සේවයේ බිඳවැට්ටවීම අරභයා සිදු කරන්නක්දැයි යන සැකය මතුව තිබේ.

වර්ජනය ඇරඹී දින 11ක් ගතවන විට බෙදාහැරීමට නොහැකිව ලිපි ලක්‍ෂ 20ක් ගොඩගැසී තිබීමෙන් පමණක් වුව තැපැල් සේවය මෙරට ජන ජීවිතය හා බැඳී ඇති අන්දම මනාව පිළිබිඹු වෙයි.

ලිපි බෙදාහැරීම පමණක් නොව ටෙලිමේල් සේවය, ව්‍යාපාරික තැපැල් සේවය, මුද්දර නිකුත් කිරීම, රක්‍ෂණ වාරික ගෙවීම, විශ‍්‍රාම වැටුප් – වැඩිහිටි දීමනා ගෙවීම්, ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යාම, පොලිස් රථ වාහන දඩ ගෙවීම් හා විභාග ගාස්තු ගෙවීම් යන සේවා විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා තැපෑල වෙතින් ඉටු වන්නේ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට සුවිසල් සේවයක් සලසමිනි.

ඒ නිසා රාජ්‍ය තැපැල් සේවය බිඳවට්ටවා එය පෞද්ගලීකරණය දක්වා රැගෙන යාමේ දිසාවට පාර කපන මේ ආණ්ඩුවේ උවමනාවට සමස්ත පොදුජන විරෝධය එල්ල විය යුතුව තිබේ.

එසේම සාධාරණ තැපැල් සේවක ඉල්ලීම් වහාම ඉටු කර තැපැල් සේවය යථාවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More