ව්‍යාපාරික පුවත්

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

“පළවෙනි පාර අපි යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලයට, මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විදේශ විනිමය සොයා ගැනීම, තෙල් සහ ස්පයොර් පාර්ට්ස්. ඒ වගේම විදුලිබල මණ්ඩලය ලොකු ව්‍යාපෘති සඳහා ඩොලර්වලින් ණය අරන් තියෙනවා. ඒ ණය ගෙවීම සඳහා අපිට අවශ්‍ය වෙනවා යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක්. ඒ නිසා අපි කොන්දේසියක් දාලා තියෙනවා ලංකාවේ ව්‍යාපාර 60%කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනවා නම් එයාලා ඒ විදුලිබිල ඩොලර්වලින් ගෙවිය යුතුයි කියන පදනමේ අපි ඉන්නවා. ඒ සඳහා දිරිගැන්වීමක් වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා 1.5% ක වට්ටමක් ඩොලර්වලින් ගෙවන පාරිභෝගිකයන්ට ලබා දිය යුතුයි කියන එක.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More

චීන පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුවේ දී ඉන්දියාවෙනුත් චීනෙනුත් දෙකෙන්ම අපි ගුටිකෑවා – ජනපති රනිල් ඉන්දීය මාධ්‍යවලට කියයි

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පළමුව ජපානය සමග සාකච්ඡා ආරම්භකරන බවත් ඊට අවශ්‍ය පසුබිම තම ජපා...


Read More