දේශීය පුවත්

අමෙරිකානු එෆ් බී අයි නියෝජිතයන් ඊයේ(08) ෆ්ලොරිඩාවේ Mar-A-Lago හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස වටලා ප්‍රඊක්ෂා කිරීම “දේශපාලන පීඩාවක් ” ලෙස ඔහු හැඳින්වීය. මෙම මෙහෙයුම පිළිබඳව අධිකරණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් දක්වා නොමැති අතර, මෙම වැටලීම ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ සිට ඔහු සමඟ රැගෙන ගිය රහසිගත ලියකියවිලි පෙට්ටිවලට සම්බන්ධ විය හැකි බව එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළේය.

ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි මගේ සුන්දර නිවහන වන Mar-A-Lago දැනට එෆ් බී අයි නියෝජිතයින් විශාල පිරිසක් විසින් වටලා අත්පත් කරගෙන සිටින බැවින්, මෙය අපේ ජාතියට අඳුරු කාලයක්,” ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. “මෙවැනි දෙයක් මීට පෙර එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුට සිදුවී නැත” යනුවෙන් සිය ප්‍රකාශය මගින් අවධරණය කළේය.

ට්‍රම්ප්ට අනුව, 2024 දී ඔහු ජනාධිපති ධුරයට තරඟ කිරීමට “මංමුලා සහගත ලෙස” කැමති නැති ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් අධිකරණ පද්ධතිය “ආයුධයක්” ලෙස භාවිත කරමින් කළ ක්‍රියාවකි.

“මේ ස්ද්ධියයි වෝටර්ගේට් සිද්ධියයි අතර වෙනස මොකක්ද?” ට්‍රම්ප් ඇසුවේ 1972 වොෂින්ටනයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයේ බිඳවැටීම ගැන සඳහන් කරමිනි. වෝටර්ගේට් සිද්ධිය අවසානයේ ජනාධිපති රිචඩ් නික්සන් මහතාට තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More