දේශීය පුවත්

උදයංග මේ සතියේදී ලංකාවට

June 26, 2018 11:13 am | Lanka Lead News

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.

සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බව ද එම සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.

අධිකරණයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම හේතුවෙන් වීරතුංග මහතාට මෙරටට පැමිණිම බාධාවී ඇති බවත් එම බාධාවන් මඟහරවා ගැනීම සඳහා මෙලෙ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බවද යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.

තමන් විසින් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීම සදහා මැදිහත් වූ ලෙසින්ම බැඳුම්කර වංචාවේ චූදිතයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද රාජපක්‍ෂ මහත පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More