දේශීය පුවත්

කියුබාවේ මටන්සාස් නගරයේ ප්‍රධාන තෙල් ගබඩා මධ්‍යස්ථානයක සිකුරාදා රාත්‍රියේ ඇති වූ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් අකුනු සැර වැදීමෙන් ඇති වූ ගින්න දෙවන දිනටත් ඇවිළෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. ගින්නක් මැඩපැවැත්වීමට කියුබානු ගිනි නිවන භටයින් වෙහෙසෙද්දී කියුබානු රජය “මිත්‍ර රටවලින්” උදව් ඉල්ලා ඇති බවද පැවසේ.

ගින්න හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බව නිල වශයෙන් තහවුරු වී තිබුණද නිල නොවන ආරංචි මාර්ග වලට අනුව ගිනි නිවන භටයින් 17 දෙනෙකු මිය ගොස් ඇති ලෙස ලැයිස්තුගත කර ඇත. අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු තුවාල ලබා ඇති බව පවසන එම නිල නොවන වාර්තා ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පවසයි. සිවිල් වැසියන් සිය ගණනකට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට බලධාරින් විසින් නිවේදනය කර තිබුණි.

ගින්න මුලින්ම ඇති වූයේ 05වනදා තෙල් ගබඩා සංක්කිර්ණයේ ඇති දැවැන්ත ඉන්ධන ටැංකි අටෙන් එකකට අකුණු සැර වැදීමෙනි. 06 වනදා, මිලිටරි හෙලිකොප්ටර් යානා මගින් මුහුදු ජලය නොනවත්වා හෙළීමත්, ගිනි නිවන භටයින් ඉතිරි ටැංකි සිසිල් කිරීම සඳහා ජලය ඉසිමින් සිටියදීත් , ගින්න දෙවන ටැංකියකටද පැතිර ගියේය.

ජනාධිපති මිගුඑල් ඩයස්-cඅනෙල් ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, හවානා රජය විසින්ම ගින්න පාලනය කිරීමට අරගල කරමින්, “ඉන්ධන ගිනි නිවීම සම්බන්ධයෙන් පළපුරුද්ද ඇති මිත්‍ර රටවලින් උපකාර සහ උපදෙස්” ඉල්ලා සිටියේය.

“මෙම සංකීර්ණ තත්වය හමුවේ ක්ෂණිකව ද්‍රව්‍යමය ආධාර ලබා දුන් මෙක්සිකෝව, වෙනිසියුලාව, රුසියාව, චිලී ආදී රටවල ආණ්ඩු වෙත අපි ගැඹුරු කෘතඥතාව පළ කරමු” යනුවෙන් ඩයස්-කැනල් සෙනසුරාදා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේය. කියුබානු නායකයා “අමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු තාක්ෂණික උපදෙස් පිරිනැමීමක්” පිළිගත්තේය.

 

Lightning strike triggers oil inferno



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More