දේශීය පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කළ එක රටක් එක නීතීයක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව කුණු කූඩයට විසි කිරීමට ජනාපතිවරයා සූදානම් දැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රශ්න කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබුවේ, ජනාධිපතිවරයාගේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැංවීමට ඔහු පළමුව කටයුතු කළ යුතුව ඇති බව ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා මෙසේ ද කීවේ ය.

“පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා වඩා ත් හොඳ රාජාසන කතාවක් කළ බව අපි පිළිගන්නවා. ඔහුගේ කතාවේ ඇතුළත් සාධණීය කරුණු ඉටුකර ගැනීමේ අවංක චේතනාවක් ඔහුට තිබේ නම්, අවම වශයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා කිහිපයකින් හෝ නිදහස්වීමට නම් එම චෝදනා නිවැරදි කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. විශේෂයෙන් අද ජනාධිපතිවරයා ඉන්නේ ඔහුට එම චෝදනා එල්ල කරනු ලැබූ අය සමගයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා ගැනීමට අවංක චේතනාවෙන් කටයුතු කළ ශානි අබේසේකර වැනි නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ වන විට ඔවුන්ව අධිකරණ මගින් ම නිදහස් කර තිබෙනවා. එවැනි නිලධාරීන්ව යළිත් මෙම විමර්ශනවලට යොදවා සත්‍ය සොයා ගැනීමට කටයුතු කරන්නැයි අප ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම ප්‍රහාරය පිටුපස සිටි මොළකරුවන් කවුරුන් ද යන්න සොයා ගත යුතුයි. ඔවුන්ගේ අරමුණ කුමක් ද යන්න සොයා ගත යුතුයි. මේ දේවල් ඉටු කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇද්දැයි යන්න මම මේ අවස්ථාවේ ප්‍රශ්න කරන්න කැමතියි.

එසේත් නැත්නම් අවම වශයෙන් එක රටක් එක නීතියක් කියමින්, මේ රටේ ජාතීන් අතර, ආගම් අතර විරසකයන් ඇති කළ හිමිනමක් සභාපතිවරයා වශයෙන් පත් කරමින් පිහිටු වූ එක රටක් එක නීතියක් යන ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව කුණු කූඩයට විසි කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා ද? ජනාපතිවරයාට එයට පිළිතුරු දීමට හැකි වුණොත් මේ රටේ ජනතාවට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගෙනවා.”

(මව්බිම පුවත් පතෙන්..)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More