දේශීය පුවත්

ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ගෝලීය පිළිවෙත ආරක්ෂා කිරීම සඳහා රුසියාව සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට චීනයට අවශ්‍ය බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි මහත්මියගේ තායිවාන සංචාරයෙන් පසු බීජිං සහ වොෂින්ටනය අතර වැඩෙමිම් පවතින නොසන්සුන්කාරි වාතාවරණය මධ්‍යයේ චීන විදේශ අමාත්‍යයවරයා මෙම ප්‍රකාශය නිකුත් කිරීම විශේෂත්වයකි.

“අපේ රටේ ස්වෛරීභාවයට එරෙහි ඕනෑම ආක්‍රමණයකට එරෙහිව රුසියාව නිරතුරුවම ‘එක්-චීනය’ මූලධර්මය ආරක්ෂා කරමින් සිටිනවා,” චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඊයේ(05) කාම්බෝජයේ දී සිය රුසියානු මිත්‍ර සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

“බීජිං පාලනය රුසියානු සමූහාණ්ඩුව සමඟ මූලෝපායික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානම් . එමඟින් එක්සත් ජාතීන්ගේ සංවිධනය භූමිකාව ජාත්‍යන්තර පද්ධතිය තුළ ඉටු කරන ප්‍රධාන භූ මිකාව සහ ජාත්‍යන්තර නීතියේ සම්මතයන් මත පදනම් වූ නියෝගයන් වඩාත් ඵලදායි ලෙස ආරක්ෂා කළ හැකිය.” යනුවෙන් ලෝක සාමය වෙනුවෙන් වන ඉතාමත් තීරණාත්මක ප්‍රකාශය කරනු ලැබීය.

මේ අතර ඊයේ(05), බෙයිජිං පාලනය, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි මහත්මියට සහ ඇගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්බාධක පැනවීමේ තීරණය නිවේදනය කළේය. එලෙසම බීජිං පාලනය මිලිටරි සහ සිවිල් ක්ෂේත්‍ර ගණනාවක වොෂින්ටනය සමඟ පැවැති සබඳතා ද කපා හැරියේය.

රුසියානු විදේශ අමාත්‍යාංශය පසුගිය 02දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි මහත්මියගේ තායිවාන සංචාරය “චීනයේ සමස්ත රාජ්‍යය පාලනය” අරමුනු කරගත් වොෂින්ටනයේ “ආක්‍රමණශීලී” ප්‍රතිපත්තියේ එක් සලකුණක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More