නිල කාලය අවසන් වූ පළාත් සභා මඟින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ වන විට නිල කාලය අවසන් වූ උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල කටයුතු සිදු කිරීමේදී මතු වී ඇති ගැටළු පිළිබඳව එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
පළාත් සභාවලට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...