දේශීය පුවත්

‘ජනපතිගේ දර්ශනය මගේ දර්ශනය හා සමානයි’ – හර්ෂ

අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වන බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු යැයි ද ඔහු පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත් එය තම දර්ශනය හා සමාන වන බවත් ඔහු එම ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.

ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත් මහ ජනතාව එකඟ කරවා ගැනීම ද කළ යුතු බවත් මන්ත්‍රීවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More