චීනයේ දැඩි අනතුරු ඇඟවීම් නොතකා,තායිවානයේ තායිපේ ගුවන් තොටුපල වෙත ළඟා වීමෙන් පසු, ස්වයං-පාලිත දිවයින පිළිබඳ වොෂින්ටනයේ දිගුකාලීන ප්‍රතිපත්තියට “කිසිඳු ආකාරයකින් පටහැනි නොවන” බව, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි මහත්මිය පැවසීය.
“අපගේ කොන්ග්‍රස් නියෝජිත පිරිස තායිවානයට පැමිණීම තායිවානයේ විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයට සහය දැක්වීම සඳහා ඇමරිකාවේ නොසැලෙන කැපවීමට ගෞරව කරයි,” ගුවන් තොටුපල වෙත ළඟා වීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් පෙලෝසි පැවසීය.
තායිවානයේ නායකයින් සමඟ ඇයගේ සාකච්ඡා “අපගේ සහකරුට අපගේ සහයෝගය නැවත තහවුරු කිරීම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාම ඇතුළුව අපගේ හවුල් අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම” කෙරෙහි අවධානය යොමු කරන බව අවධාරණය කර සිටියාය.
සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල නැවතුම් ඇතුළත් පෙලෝසිගේ නිල සංචාරයේ තායිවානය ලැයිස්තුගත කර තිබුණේ නැත, නමුත් පසුගිය දිනවල එක්සත් ජනපදයේ ඉහළම නිලධාරියා දිවයිනට පැමිණෙනු ඇතැයි අනුමාන කිරීම් සිදු වූ අතර, එය බීජිං පරිපාලනය වෙතින් දැඩි ප්‍රතිචාරයක් දක්වනු ලැබීය. එක්සත් ජනපදය විසින් පවා පිළිගත් ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය යටතේ තායිවානය එහි භූමියේ කොටසක් ලෙස සලකයි.
මෙම සංචාරය අතිශයින් ප්‍රකෝපකාරී බව චීනය සලකන අතර එය ඉදිරියට ගියහොත් වොෂින්ටනයට “දරන්නට නොහැකි ප්‍රතිවිපාක” විඳීමට සිදුවනු ඇති බවට ඊයේ(01) චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් එක්සත් ජනපදයට අනතුරු ඇඟවීය. “ඔබ ගින්න සමඟ සෙල්ලම් කළහොත් ඔබ පිළිස්සෙනු ඇත.” ෂාඕ ලිජියන් ප්‍රකාශ කළේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...