දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපද  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි කුමන හෝ විදියකින් ස්වයං පාලිත තායිවානයට ගොඩබෑමට උත්සාහ කළහොත් චීන යුද ගුවන් යානා නැන්සි පෙලෝසිගේ යානයට ඉදිරියෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ හැකි බව චීනයේ රාජ්‍ය පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් පුවත් පත අද අනතුරු ඇඟවීය.

මේ වන විට තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර පැන නැගී ඇති උනුසුම් තත්වය තවත් තීව්‍ර කරමින් අමෙරිකා එක්සත් ජනපද  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි මහත්මිය රැගත් ගුවන් යානයක් තායිවානයට ළඟ වීමට නියමිත බව වාර්තාවේ.

ඇයගේ ගමන වැලැක්වීමේ අරමුනින් චීන J-15 ප්‍රහාරක ජෙට් යානයක් ලිඔනින්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ තට්ටුවට ගොඩබස්සවා ඇති බවද  AFP  ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

කෙසේ වුවද සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු පෙලෝසිගේ අඛණ්ඩ ආසියානු සංචාරයේ ගමනාන්ත අතර තායිවානය සඳහන් කර නොමැති නමුත් වොෂින්ටන් සහ තායිපේ නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඇය තායිවානයටද පියාසර කළ හැකි බවයි.

“එක චීනයක්” ප්‍රතිපත්තිය යටතේ තායිවානය තම භූමියේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සලකන බීජිං, එම ප්‍රවෘත්ති වාර්තා මගින් කෝපයට පත් වී ඇති අතර, නැන්සි පෙලෝසිගේ මහත්මියගේ තායිවාන සංචාරය  වැළැක්වීමට ක්‍රියා කරන බවට ප්‍රතිඥා දී ඇත.

මේ අතර චීන හමුදා ගුවන් සේවා විශේෂඥ ෆු ක්යන්ෂාවෝ පැවසුවේ චීන ගුවන් හමුදාවට තායිවානය වටා නිතිපතා මුර සංචාරයේ යෙදිය හැකි බවත්,තායිවාන්යට ළඟා වීමට අමෙරිකා එක්සත් ජනපද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය ගන්නා උත්සාහය නොසලකා හරින්නේ නොමැති බවයි.

“පෙලෝසිගේ ගුවන් යානය අපගේ යුද අභ්‍යාස ප්‍රදේශයට ඇතුළු වුවහොත්, එම යානය ආපසු හරවා යැවීමට, බාධා කිරීමට, එම යානය සමඟ පරිවාර යානා යැවීමට සහ සහ ගුවන්විදුලි අනතුරු ඇඟවීමට පියවර ගැනීමට සිදුවනු ඇත,” ඔහු පැවසීය.

නමුත් එම ක්‍රියාමාර්ග වලට අනුගත නොවන්නේ නම් සහ “පෙලෝසි ඇය තෝරාගත් මාර්ගයම අනුගමනය කළහොත් අපගේ යුද ගුවන් යානා තවදුරටත් අනතුරු ඇඟවීමක් ලෙස පෙලෝසිගේ යානයට ඉදිරියෙන් අණතුරු ඇඟවීමේ ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ඇත,” ෆු අවධාරනය කළේය.

මේ අතර පෙලෝසි මැතිණියගේ සංචාරයට පෙර තායිවානය තම හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා නැවත ස්ථානගත කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

ඊයේ සිංගප්පූරුවේදී ආරම්භ වූ අමෙරිකා එක්සත් ජනපද  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරියගේ ආසියානු සංචාරයට පෙර “ඕනෑම අවස්ථාවක අසාමාන්‍ය තත්වයන් සඳහා ඉක්මනින් සටන් තත්ත්වයට ඇතුළු වීමේ ගුවන් නියමුවන්ගේ හැකියාව වැඩිදියුණු කිරීම” ඉලක්ක කර ගනිමින් චීන හමුදාව ව්‍යාජ ගුවන් සටන් පුහුණුවක් ආරම්භ කළේය.

“මෙය චීන මහජන විමුක්ති හමුදාව විසින් එවන ලද පැහැදිලි සංඥාවක් වන අතර, ඕනෑම දිශාවකින් දිවයිනට ඇතුළු වීමට අපේක්ෂා කරන ඕනෑම ගුවන් යානයකට බාධා කිරීම සඳහා චීනයට සර්ව කාලගුණික ආරක්ෂාවක් පිහිටුවීමට පූර්ණ හැකියාව ඇත,” යනුවෙන් ග්ලෝබල් ටයිම්ස් පුවත් පත පෙන්වා දුන්නේය.

තායිවාන මුහුදු ප්‍රදේශය චීනයට දැවැන්ත මිලිටරි වාසියක් ඇති බවත්, සැබෑ ගැටුමකදී කථානායකවරිය ආරක්ෂා කිරීමට කිසිදු එක්සත් ජනපද හමුදා පරිවාරයකට කළ නොහැකි බවත් ෆු අවධාරනය කළේය. ඊයේ පලවූ චීන පුවත් වාර්තාවකට අනුව, USS රොනල්ඩ් රේගන් ගුවන් යානා වාහක නෞකාවේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද නාවික හමුදා ප්‍රහාරක කණ්ඩායමක් තායිවානයට නුදුරින් පිලිපීනයේ මුහුදේ දක්නට ලැබුණු බව අනාවරණය කළේය.

තායිවානය පදනම් කරගත් යුද විශේෂඥ වන චියූ යි යෝජනා කළේ පෙලෝසි චීනයේ හමුදා පැවැත්ම අඩු තායිවානයේ නැගෙනහිර ප්‍රදේශයෙන් දිවයිනට පැමිණීමට උත්සාහ කරනු ඇති බවයි. “නමුත් ලෝකයේ අංක එකේ බලවතා රටේ අංක තුන්වන පුරවැසියා ලෙස සලකන අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය මීයෙකු මෙන් සැඟවී රටකට ඇතුලු වීම හාස්‍යජනක නොවේද?” යනුවෙන් චියු ප්‍රශ්න කළේය.

එලෙසම ඔහු පවසා සිටියේ පෙලෝසි තායිවානයට පැමිණිය හොත් “චීන මහජන හමුදාව නිශ්චලව නොසිටින” අතර චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා “අධිෂ්ඨානශීලී ශක්තිමත් ප්‍රතිප්‍රහාර” ගන්නා බවයි. “ඇය තායිවානයට යාමට එඩිතර නම්, අපි බලා සිටිමු,”  ඔහු පවසා සිටියේය .

මේ අතර ඊයේ(01) පැවති මධ්‍යය සාකච්ඡාවකදී එක්සත් ජනපද  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය විසින් කළ හැකි සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අනතුරු ඇඟවූයේ “ඔබ ගින්දර සමඟ සෙල්ලම් කළහොත් ඔබ පිළිස්සෙනු ඇති බවයි. චීනය විසින් ලබා දෙන ශක්තිමත් සහ පැහැදිලි පණිවිඩය පිළිබඳව එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම වටහා ගන්නා බව මම විශ්වාස කරමි.” යනුවෙන් ඔහු පැවසුවේය.

චීන සමූහාණ්ඩුව ලෙස නිල වශයෙන් හඳුන්වන තායිවානය 1949 සිට ස්වයං පාලනයක් ඇති නමුත් කිසි විටෙකත් මේ දක්වා බීජිං වෙතින් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

1979 සිට චීනයේ එකම නීත්‍යානුකූල අධිකාරිය ලෙස බීජිං හඳුනාගෙන තිබියදීත්, එක්සත් ජනපදය තායිවානය සම්ඟ ශක්තිමත් නිල නොවන සබඳතා පවත්වමින්, තායිපේ වෙත නවීන අවි විකිණීම සහ ස්වෛරීත්වය සඳහා වන එහි තල්ලුවට සහාය වීම, චීන බලධාරීන්ගේ අප්‍රසාදයට හේතු විය.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභාවේ රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසා සිටියේ යම් විදියකින් නැන්සි පෙලොසි මහත්මිය තායිවානයට ගොඩ බැසීමට කටයුතු කළහොත් චීනය සහ අමෙරිකාව අතර දරුණු යුද්දයක ආරම්භය සනිටුහන් වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More