දේශීය පුවත්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරයි.

අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් පාර්ලිමේන්තුවට වසන් කරමින් අස්සන් කරන ලද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අවලංගු කිරීමට මැදිහත් වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.

මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන වෙත මේ වනවිට නියෝග ලබාදී තිබෙන බවත් විධායක ජනාධිපතිවරයාට රට ගැන සිතා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට හැකියාව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් දැනට රුපියල් 162ක් වන ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉතා කෙටි කාලයක් තුළ රුපියල් 200 දක්වා ඉහළ ගොස් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කරන බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More